Home පුවත් ජාතික ආරක්ෂාව සහ පාතාල මර්දනය පිළිබඳ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ විග්‍රහය..

ජාතික ආරක්ෂාව සහ පාතාල මර්දනය පිළිබඳ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ විග්‍රහය..

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වා තිබේ.

හුදකලා වෙඩි තැබීම් මගින් රටේ සමස්ත ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත්, පවතින තත්ත්වය කළමනාකරණය කිරීමට රජය සමත් වනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරයි.

කෙසේ වෙතත්, පාතාලය සම්පූර්ණයෙන් මර්දනය වී නොමැති බැවින් එවැනි සාපරාධී සිදුවීම් පාලනය කිරීමට හමුදාව යෙදවීමට වඩා රජය විසින් විශේෂ පියවර ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.

සුළු පිරිසක් විසින් සිදුකරන කලබලකාරී ක්‍රියා පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

අවසාන වශයෙන්, වත්මන් පාලනාධිකාරියට අතීත අත්දැකීම් පදනම් කරගෙන මෙම අපරාධ මැඩලීමට අවශ්‍ය අවබෝධය පවතින බව ඔහු සඳහන් කරයි.

“ජාතික ආරක්ෂාවට විශේෂ අවුලක් නැහැ. එක එක කල්ලි කණ්ඩායම්වලට අතීතයෙත් පුරුදුවෙලා තිබුණා  එක එක කැරලිගැසීම්, ජාතිභේද ඇවිස්සීම් වගේ දේවල්. මේ වගේ කට්ටිය ඒගොල්ලන්ට ප්‍රතිරූප මවා ගන්න අවශ්‍ය වුණාම එක එක දේවල් කරන්න හදනවා. 

නමුත් මම හිතන්නේ ත්‍රිවිධ හමුදාව ඊට අවශ්‍ය කටයුතු පිළිවෙලට කරගෙන යනවා. පොඩි සිද්ධියක් කරන්න කෙනෙක් දෙන්නෙක් හිටියත් ඇති. කලබල වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව කොහොමත් මේක අවබෝධ කරගෙන ඇති. මේ රටේ අතීතයේ සිදුවෙච්ච දේවල් ගැන ආණ්ඩුවේ ඉන්න මැතිඇමතිවරුන්ට යම් කිසි අවබෝධයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ගොල්ලන්නට මේ වනවිට කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා ඇති කියලා. 

පාතාලය යම් කිසි ප්‍රමාණයකට තාමත් ක්‍රියාත්මකයි. මේක දේශපාලන අපරාධයක් නෙවෙයි. පාතාලය ක්‍රියාත්මක වෙච්ච තැනක්. පාතාලය සියයට 100ක් මර්දනය වෙලා නැහැ කියලා අපි දන්නවා. මෝටර් සයිකලයක ගිහිල්ලා වෙඩි තියෙනවා කියන එක මුළු හමුදාවම කොළඹට දැම්මත් නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඒ ගැන අපිට සතුටු වෙන්න බෑ. යම් කිසි පියවරක් ගන්න වෙනවා රජයට.” ලෙස පැවසීය.