ත්‍රිපෝෂ නිශ්පාදනයට ඇෆ්ලටොක්සීන් හරස් වෙයි?

Date:

මෙරට ළමුන් අතර මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණ කිහිපයකින් හෙළිව ඇති මොහොතක බඩ ඉරිඟුවල අඩංගු ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතයේ ගැටලුවක් හේතුවෙන් මාස ගණනාවක සිට අවුරුදු 3 ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට බාධා මතුවීම ඉතා කණගාටුදායකය.

මේ පිළිබඳව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසන්නේ, අවුරුදු 3 ට අඩු දරුවන් සඳහා ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය 1% ට වඩා අඩු බඩ ඉරිඟු භාවිත කළ යුතු බවට වන නිර්දේශය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවත්, එවැනි බඩ ඉරිඟු නිෂ්පාදන සොයා ගැනීමට අපොහොසත් වී ඇති බවයි.

එම ප්‍රතිශතයන් වෙනස් කරන ලෙස කැබිනට් මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුගතව මෙම වෙනස් කිරීම් සිදු කරන බවත් ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...