ඇමති හඳුන්නෙත්ති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක්

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස ඊයේ (06) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවී තිබේ.

මෙහිදී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අප ඔවුන් සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් අතර විශේෂයෙන්ම දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම සඳහා අප අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන නව වැඩපිළිවෙළවල් සහ ඊට අවශ්‍ය ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය ලබාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බවයි හඳුන්නෙත්ති මහතා පවසන්නේ.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කර්මාන්ත අමාත්‍යාංශය වෙනුවෙන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොළඹ නේවාසික නියෝජිත මාර්තා වෝල්ඩමයිකල් (Martha Woldemichael) මහත්මිය, ආර්ථික විද්‍යාඥ ක්ලැකෝව් අකේපනිඩ්ටවෝන් (Klakow Akepanidtaworn) මහතා සහ ආර්ථික විද්‍යාඥ උර්සුලා විරියාඩිනාටා (Ursula Wiriadinata) මහත්මිය මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නියෝජනය කරමින් ආර්ථික විද්‍යාඥ සුපුන් ප්‍රේමරත්න මහතා ද මෙම හමුවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...