*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

ට්‍රැක් එකට වැට්

සුගතදාස ක්‍රීඩාංගණයේ මලල ක්‍රීඩා පුහුණුව සඳහා පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇතුළත්වීමේ ගාස්තු ලෙස අය කරන මුදලට වැට් බදු ද එකතු කර අය කර ගන්නා බව පවසයි.එසේ අය කරගෙන ලබා දෙන්නේද මීටර් 400 තරගකාරී ධාවන පථය වෙනුවට මීටර් 200 පෙර පුහුණුවීම් ධාවන පථයයි.
එළැඹෙන සතියේ පැවත්වෙනආසියානු යොවුන් මලල ක්‍රීඩා තේරීමේ තරගාවලිය ඉලක්ක කරගෙන කොළමින් බැහැර පිරිස් ද මේ දිනවල විශාල මුදලක් ගෙවා ගෙන සුගතදාස ධාවන පථයට පැමිණියත් මේ කරුණු නිසා දැඬි අපහසුතාවයකට පත් වි ඇත.


විශේෂයෙන්ම නිමා වූ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී දස්කම් දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු යොවුන් තේරීම් තරගාවලියේ බලාපොරොත්තුව වන අතර මෙහි ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හෝ ප්‍රධාන පිටිය පුහුණුවීම් සඳහා යොදා ගන්නට මලල ක්‍රීඩා සංගමය,අධ්‍යාපන අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර එකඟතාවයක් ඇති වී නැත.


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල තාක්ෂණික නිලධාරින් යටතේ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල පැවත්වෙන අතර එහි ප්‍රතිපල ලේඛණ ද මලල ක්‍රීඩා සංගමයට යොමු වේ.ඒ අනුව යොවුන් සංචිතයක් නම් කර මලල ක්‍රීඩා සංචිතය හරහා සුගතදාස ක්‍රීඩාංගණ ධාවන පථය භාවිතා කිරීමට ඉඩ අයදුම් කර ඇති බවක් පෙනෙන්නට නැත.එසේම අධ්‍යාපන අමාත්‍යංශයේ මලල ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරිවරිය වන ශ්‍රියාණි කුලවංශ ක්‍රීඩා අමාත්‍යංශයේ ජාතික ක්‍රීඩා සභාව ද නියෝජනය කරන්නීය.ඇය හෝ ජාතික ක්‍රීඩා සභාවේ රාජකාරිය මත අමාත්‍යවරයාට හෝ අමාත්‍යංශයට මෙම අවස්ථාවේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රධාන ධාවන පථය සහ පිටිය ඉසව් සඳහා ක්‍රීඩාංගණය ලබා දීමට අවශ්‍යය තොරතුරු සමඟ යෝජනා ඉදිරිපත් කර ඇති බවක් පෙනෙන්නට නැත.


මේ සම්බන්ධයෙන් සොයා බැලිමේදි පිටියේ තැනෙක වැටී සිටි පුංචි කොළු රෑනක් වෙන්ප්පුව ජෝෂප් වාස් විද්‍යාලයෙන් පැමිණ තිබිණ.බොහෝ විට රුපියල් 25000/= ක් පමණ මඟට වියදම් කරගෙන කුලි රථයකින් පැමිණ බව අප මාධය බව නොදත් එහි සිටියෙකුගෙන් දැන ගන්නට ලැබිණ.ක්‍රීඩා අමාත්‍යවරයා සිය යුරෝපීය ඥාතීන් හමු වි පැමිණෙන අවස්ථාවේදි එම සංචාරයට නිල මුහුණුවරක් ආවරණය කරමින් ඉතාලියට ගොස් හමු වූ යුපුන් අබේකෝන ද ජෝෂප්වාස් වන අතර මෙවර කණිෂ්ඨ තරගාවලියේ සූරතාවය දිනා ගත්තේ ද ඔවුන් ය.


යුපුන් හමු වී පැමිණ පසු එම රටවල ක්‍රීඩා දියුණුවට භූමිය කෙසේ බලපාන්නේ ද යන්න පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ පවතින සුගතදාස ධාවන පථය ඒ ආකාරයට අනාගතයට පලදායි දස්කම් දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් නොදෙන පරිදි වසා දමමින් ද, මුදල් නැති දුප්පත් දරුවෙක්ට පෙර පුහුණු ධාවන පථයවත් භාවිතා කරන්නට බැරි පරිදි ද මුදල් පමණක් නොව ඊට වැට් ද එකතු කර අය කිරිමට තීරණය කිරීමෙන් ද, කතාව දෝලාවට සීමා කර ගමණ පයින්ම කරගෙන යමින් ඇත.
මේ සම්බන්ධයෙන් සුගතදාස පැරණි සේවකයෙක් පැවසුවේ ළමයින්ට ට්‍රැක් එක දෙන එක ගැන හිතන්නෙ කොහෙද මහත්තයො අමාත්‍යවරයා ඉන්නෙ ට්‍රැක් පැනලනෙ යනුවෙන්ය.වසර ගණනාවක ධාවන පථයේ අත්දැකීම් ඇති සේවකයින්ට කුඩා අවධියේ මේ ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වලට පැමිණ පසුව ජාතික සහ අන්තර්ජාතික මට්ටම දක්වා ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධ මතක බොහෝමයක් ඇත.
“ඒවා ඉතිං ඇත්තටම සතුටුදායක මතක,ඒ අය වෙනුවෙන් ස්ටර්ට් බ්ලෝක් එකක් උෂ්සාගෙන ආව කියන එකත් ඉතිං අපේ ආත්මයට හැමදාම සතුටක්”.


එවැනි මතක ගැන සිහි කරන පැරණි සේවකයින් අද එවැනි දක්ෂයන් වීමට හැකි අය සමහර විට ධාවන පථයට පැමිණීමට මුදල් දී ගත නොහැකිව නොපැමිණෙන බව පවසන එම සේවකයින් “පුංචි ස්කෝලවලින් ආපු පුංචි පවුල්වල දරුවො ගොඩ දෙනෙක් දැන් නැවතිලා” යැයි වර්ථමානය ගැන පවසන්නේය.
රටේ බහුතරයක් ක්‍රීඩා කරන සහ බහුතර පිරිසකට ආර්ථිකමය බලපෑම් අඩුවෙන් දැනෙන මලල ක්‍රීඩාව හරහා ලැබිය හැකි අවස්ථා ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ පවතින සුගතදාසය විසින් ක්‍රීඩකයින්ට දැරිය නොහැකි පීඩනයක් බවට පත් වෙමින් තිබෙන අතර මෙවැනි අවස්ථාවන් හි අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ක්‍රිඩාවට සහ ක්‍රීඩකයන්ට අවශ්‍යය සහන සම්බන්ධයෙන් මඟ පෙන්විය යුතු සභාවන් හී සාමාජිකයින් තමන් කැමති ක්‍රීඩාවන් හී ප්‍රදර්ශන පවා පවත්වමින් ඒ ඒ ක්‍රීඩා සංගම් අතික්‍රමණය කර අමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් ආස්වාදය ලැබීමට කටයුතු කරමින් ඇත.


රටේ ඊළඟ පරපුරේ අභිවෘද්ධිය පිණිස විවෘත විය යුතු මේ ධාවන පථය ගැන මෙන්ම ක්‍රීඩක පහසුකම් ගැන ද අමාත්‍යවරයාට සමීප ඇතැම් ජ්‍යෙෂ්ඨයන් තමන්ට ද ඉතිහාසයේ එවැනි පහසුකම් නොතිබුණ බව සහ ඒ නිසා ඒවා අත්‍යවශ්‍යය නොමැති බව පවසන බව ද වාර්තා වන අතර, අද එදාට වඩා ලෝකය ගව් ගණනක් ඉදිරියෙන් තිබෙන බව නොහැඟෙන මෙවැනි ජ්‍යේෂඨයන් ද මේ අවාසනාවන්ත තත්ත්වයට හේතු වි ඇත.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan