දෙමටගොඩ සමගි ජන බලවේගයේ කාර්යාලයට ප්‍රහාරයක්!

Date:

මුජිබර් රහුමාන් මහතා පවසන්නේ අද (15) අලුයම දෙමටගොඩ සමගි ජන බලවේගයේ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවත් කිහිපදෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබු ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානි කර ඇති බවයි.

මුජිබර් රහුමාන් මහතා චෝදනා කරන්නේ සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාල විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවමින් අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ඇති බවයි.

“අදෘශ්‍යමාන බලවේග ඇවිල්ලා අද සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න ජනාධිපතිතුමාගේ ආශිර්වාදය උඩ ක්‍රියාත්මක වෙනවා කියලා අපිට මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා අපි මතක තියා ගන්න ඕනේ විශේෂයෙන්ම මේ කොළඹ නගරය තුළ ඉතිහාසයේ කවමදාවත් ප්‍රචණ්ඩක්‍රියා සිද්ධවෙලා නෑ. කිසිම ආණ්ඩුවක් බලයේ ඉන්නකොට කාටවත් දේශපාලනය කරද්දි හිරිහැර වෙලා නෑ. වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ කොළඹ ඉන්න හිටපු ඇමතිවරු මැර කණ්ඩායම් හදාගෙන බලනවා සමගි ජන බලවේගයේ ගමන නවත්තන්න.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය කතාව ඇරඹේ!(VIDEO)

කොළඹ LNW: 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත...

ඒෂාන් මාලිංග සංචිත දෙකටම ඇතුළත් කරයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම...

රේගුව ආදායම් වාර්තාව අලුත් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස්...

2026 අයවැයට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...