ක්‍රිකට් කෙල්ලන්ගෙ ගණන් ඉස්සෙයි

Date:

මේ වන විට දකුණු අප්‍රිකාවේ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ගෙවීම් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර ඇත.
ඒ අනුව මේ දක්වා තරග දීමනාව සේ ලැබුණ ඩොලර් 250 ක දීමනාව ඩොලර් 750 දක්වා ඉහළ දැමීමට විධායක සභාව එකඟතාවය පළ කර තිබේ.එහිදී තරගයට සහභාගි නොවුණත්,තරගාවලිය සඳහා සංචිත ගතව සිටින සියලුම් ක්‍රීඩිකාවන්ටත් එම මුදලින් සියයට 25 ක් මුදලක් ලෙස ඩොලර් 187.50 ක මුදලක් ගෙවීමට ද ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.

මෙම දීමනාවට ජයග්‍රහණයකදී තවත් ඩොලර් 250 ක් ප්‍රසාද දීමනා සේ එකතු වන අතර එවැනි අවස්ථාවක දී සංචිතයේ සිටින ක්‍රීඩිකාවකට තරගයකට සහභාගි වී සිටින ක්‍රීඩිකාවකට ලැබෙන ඩොලර් 1000 ක මුළු මුදලෙන් සියයට 25 ක් සේ, හිමිවන මුදල ඩොලර් 250 කි.

මෙම ගෙවීම් ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන අතර ඒ අනුව මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ තරග සඳහා සහභාගි වූ ක්‍රීඩිකාවන් ජයග්‍රාහි තරග දෙකෙන් තරගයකට ඩොලර් 1000 බැඟින් හිමි කරගෙන ඇත.සංචිතයේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඩොලර් 250 බැඟින් තරගයකට හිමි කර ගෙන ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ කාන්තා ක්‍රිකට් දිරි ගැන්වීමේ අදහසෙන් මේ තීරණයට එළැඹි බවය.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...