*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

EPF ප්‍රශ්නය යහපාලන පටළැවිල්ලක් – අධිභාර බද්ද ගැන බැසිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

2022 අයවැය මගින් යෝජනා කර ඇති අධිභාර බද්ද කිසිසේත්ම සේවක අර්ථසාධක අරමුදලෙන් හෝ එවන් වෙනත් අරමුදලකින් අයකිරීමට තමන් යෝජනා කර නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

“2022 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මා විසින් ඉදිරිපත් කරපු අයවැය කතාවේදී 68 වැනි පිටුවේ 7.9 වශයෙන් එක් වරක් පමණක් අය කරන බදු යෝජනාවක් ඉදිරිපත් කළා. ඒකෙදි පැහැදිලිව කිව්වේ 2020 – 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2000 කට වඩා බදු අය කළහැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කරන 25%ක අධිභාරයක්, බද්දක් අයකිරීමට යෝජනා කරනවා, මෙම බද්ද මගින් රුපියල් බිලියන 100ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරනවා කියලා. මෙහෙම තමයි ඒ 68 වැනි පිටුවේ තියෙන්නෙ.

ඉතින් පැහැදිලිව අපි ඒ වෙලාවේ බලාපොරොත්තු වුණේ බිලියන 100 යි. ඒකෙදි සමාගම් සහ පුද්ගලයින් 69 දෙනෙකු ඒ අනුව අපි හඳුනාගත්තා. ඒ 69 දෙනා අපි ගණන් හැදුවාම දැනට බිලියන 105ක් හම්බුවෙනවා.

මොනම අවස්ථාවකවත් අපි බලාපොරොත්තු වුණේ නැහැ සේවක අර්ථසාධක අරමුදල හෝ සේවා නියුක්ති භාරකාර අරමුදල හෝ මෙවැනි අරමුදල් 11ක් තියෙනවා, ඒ 11න් එකක්වත් ඇතුළු කරන්න. එහෙම කළොත් තව බිලියන 85ක් පමණ ආදායමක් ලැබෙනවා. අපි ඒක ඇස්තමේන්තු කළේම නැහැ.

නමුත් ගිය ආණ්ඩුවේ අය 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතෙන් මේ අරමුදල් 11ත් ආදායම් බදු ගෙවිය යුතු ආයතන හැටියට හඳුන්වපු නිසා මේකට මේ අධිභාරය අයිති වෙනවා කියලා මතයක් මහජනයා අතර පැතිරිලා තිබුණා. ඒකත් අපි කැබිනට් මණ්ඩලයේදී පැහැදිලි කරලා මේ අරමුදල් 11ම මේ බද්දෙන් නිදහස් කළ බව සඳහන් කරන්න ඕනෙ”

මුදල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan