*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

හැකි පළමු අවස්ථාවේම මේ දුර්දාන්ත ආණ්ඩුව පෙරළනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

ශ්‍රී ලංකාව මෙතෙක් තමන්ගෙන් මුල්‍ය සහයක් ඉල්ලා නැතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිල වශයෙන් කියා ඇති නමුත් ආණ්ඩුව IMF සමග සාකච්ඡා කළ බවක් කියන බවත් ඇත්ත කියන්නේ ආණ්ඩුවද එසේ නැතිනම් IMF එකදැයි රටේ ජනතාව දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ ආණ්ඩුව පවතින්නේ බොරුවෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන්ගේ එදාවේල න්‍යාය පත්‍රය වන්නේ ජනතාව ඇන්දවීම බවත් සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසීය පෙරේදා (13) පෙරවරුවේ උඩුදුම්බර හසලක දී පැවැති සමගි ජන ජනබලවේගයේ ජනහමුවකට එක්වෙමිනි.ජනහමුවට පෙරාතුව හසලක නගර මැද ඉදිකොට ඇති ගාමිණී කුලරත්න රණවිරුවාගේ පිළිරුව සහ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ විපක්ෂ නායකවරයා රණවිරු ගාමිණී කුලරත්නගේ මෑණියන් ද හමුවිය.

“සීනි නැතිව තේ බොන්නම්, මිරිස් නැතිව හොදි කන්නම්, පිදුරු වුණත් අපි කන්නම්” යනුවෙන් ඉතිහාසයේ සමහරුන් කී බවත්, එදා වගේම අදත් පොහොර නැතිව වී ගන්නම්, හාල් නැතිව බත් කන්නම්, ලයිට් නැතිව අපි ඉන්නම් කියා මිනිසුන් ඉවසාගෙන සිටිනු ඇතැයි ආණ්ඩුව හිතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

“තමුන්නාන්සේලා තවදුරටත් ඉවසනවද? ඔබට පොහොර දුන්නේ නැති ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද? හැම ගෙදරකටම ගෑස් බෝම්බයක් දුන්න ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?රටපුරා ජනතාව පෝලිමේ ඉන්න තැනට මේ රට පත් කරපු ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?ඔබේ ETFඑක, ඔබේ EPF කොල්ලකන්න හදන ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද? පත් වෙච්චි ගමන් ධන කුවේරයින්ට බදු සහන දීලා රටේ ආර්ථිකය ආදාහනය කරලා දාපු මේ දුර්දාන්ත ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද? ජීවිත 15,000 කට වැඩියෙන් කොරෝනා වලට බිලි වෙනකන් මිථ්‍යාව මත කටයුතු කරපු ආණ්ඩුව තවදුරටත් රකින්න ඕනද?” යනුවෙන් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කළේය.

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළා දැමිය යුතු බවත් ඉන් අනතුරුව මතු පරම්පරාවේ ප්‍රශ්න වලට උත්තර හොයන, හැකියාවට කුසලතාවයට දක්ෂතාවයට ඉඩ දෙන ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් අවධාරණය කළ විපක්ෂ නායකවරයා, ඒ වෙනුවෙන් ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවත් ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan