සාමය ඉල්ලූ යුක්රේන ක්‍රීඩකයාට සමාව

චීනයේ පැවත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙල නියෝජනය කරන යුක්රේන ක්‍රීඩක ව්ලැඩ්ස්ලාව් හෙරස්කෙවිච් තමන් සහභාගි වූ ස්කෙල්ටන් තරගය අවසානයේ යුක්රේනයට යුද්ධයක් අවශ්‍යය නැත යන හැඟිම ප්‍රතාශ වෙන පූවරුවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමාව ප්‍රදානය කර ඇත.

මේ දිනවල රුසියානු ආක්‍රමණයක ආසන්නයේ සිටින යුක්රේනය ඉන් ගලවා ගන්නට ලෝකයට සිදු කරන පණිවිඩයක් ලෙස ගත හැකි ව්ලැඩ්ස්ලාව් ගේ පූවරුව ඔලිම්පික් නීති උල්ලංඝනයක්ද යන්න සළකා බැලීමෙන් පසුව එය සාමය උදේසා කරන ලද ප්‍රකාශයක් ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

“කිසිදු ඔලිම්පික් ක්‍රීඩාංගන, ස්ථාන හෝ වෙනත් ප්‍රදේශයක කිසිදු ආකාරයක පෙලපාලි හෝ දේශපාලන, ආගමික හෝ වාර්ගික ප්‍රචාරණයකට අවසර නැත” යනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රඥප්තියේ පනස් වන රීතියේ සඳහන් වන අතර,එය පාදක කර ගනිමින් ව්ලැඩ්ස්ලාව් විසින් ඉදිරිපත් කරන ලද පූවරුව රීති උල්ලංඝණයක්ද යන්න සළකා බැලිණි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට!

කොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සැලකිය...

අධ්‍යාපන ප්‍රමිතිකරණය සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් ‘අධ්‍යාපන සභාව’ වෙනුවෙන් පනත් කෙටුම්පතක්!

කොළඹ LNW:මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිකරණය, වෘත්තීය සංවර්ධනය සහ ගුරු...

චන්දන සූරියආරච්චි ඇප මත මුදාහරියි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ජාතික ජන බලවේගයේ...