සෞභාග්‍යයේ විහිළු : ඩීසල් නැවක් එයි. පිළිගන්න කැබිනට් ඇමතිවරු දෙදෙනෙක්ම යයි ! (PHOTOS)

Date:

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් මෙරටට එවා තිබේ.

ස්වර්ණ පුෂ්ප නම් නෞකාවෙන් මෙම ඩීසල් තොගය මෙරටට රැගෙන පැමිණ තිබුණු අතර එය අද (15) දිනයේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් භාරගන්නා ලදී.

ඒ, මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතිනි.

තනතුර භාරගත් දිනයේ සිටම මන්නාරමෙන් තෙල් ගොඩගෙන ශ්‍රී ලංකාව බොරතෙල් සහ ගෑස් අපනයනය කරන රටක් බවට පත් කරන්නේ යැයි වහසි බස් දොඩමින් සිටි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා වසර එක හමාරක් ගතවන විට රටට අවශ්‍ය ඩීසල් ටිකත් ගෙන්නා ගත නොහැකි මට්ටමකට රට පත් කළේය. ඉන්ධන මිලදී ගැනීම සඳහා ඔහු මැද පෙරදිග රටකින් ලබාගන්නවා යැයි කියූ ඩොලර් බිලියන 3.6ත් තවම නැත.

අවසානයේදී රටට ණයට ඩීසල් නැවක් ලබාගැනීම වරාය පරිශ්‍රයේ කුඩා උත්සවයක් පවත්වා සමරන මට්ටමේ දෙයක් බවට නම් ඔහු පත්කර තිබේ. රටේ ක්‍රියාත්මක වන්නේ සෞභාග්‍යයේ දැක්ම නම් ගම්මන්පිල ඇමතිවරයා කරමින් එහි විහිළු සැපයීමේ ජවනිකාව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර,...

පෞද්ගලික අංශයේ අවම වැටුප ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : 2026 ජනවාරි පළමු...

හරිනිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දින දෙයි!

කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය...

සැබෑ සාමයේ නිර්වචනය…

රෂිකා හෙන්නායක ජනවාරි 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...