ගෙදර යන්න බඩු පැක් කරමින් ඉන්නෙ නිමල් ලන්සා ද?

Date:

ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකු සිය අමාත්‍යංශයේ කාර්යාලයේ බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. අදාල රාජ්‍ය අමාත්‍යවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ටද පවසා තිබෙන්නේ ඔවුන්ගේ බඩු බාහිරාදිය අමාත්‍යංශයෙන් ඉවත් කර ගන්නා ලෙසයි. රජයට අයත් භාණ්ඩ සියල්ලම නැවත බාරදෙන ලෙසද ඔහු පවසා තිබෙනවා.

අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීම සඳහා බඩු අස් කරන්නේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා බවද වාර්තා වේ.

අමාත්‍යංශයේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් දැඩිලෙස කළකිරී සිටින ඔහු පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම අධිවේගී මාර්ගයේ විවෘත කිරීම් සඳහාද සහභාගි වී නොමැත. මීට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කඩිනමින් සිදු නොවීම කෙරෙහිද ඔහු කළකිරීමට පත්ව තිබෙනවා.

සිය රාජ්‍ය අමාත්‍යංශයේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පවා අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම සම්බන්ධයෙන්ද ඔහු නොසතුටින් පසු වේ. පසුගිය 2021 වසරේදී ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයට අයවැයෙන් රුපියල් බිලියන 35 කට වැඩි මුදලක් වෙන්කර තිබූ නමුත් මෙම වසරේදී වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 10 ක් පමණි. පසුගිය වසරට සාපේක්ෂව මුදල් ප්‍රතිපාදන අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් කපාහැර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමග අතිශය සමීපව කටයුතු කරන නිමල් ලන්සා මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් එය ආණ්ඩු පාර්ශ්වයට බරපතල ගැටලුවක් වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...