ජනතාව කියන්නේ බබාලාද ?

Date:

අන්ජලී හේරත් ගේ “අපි අවුරුදු හැත්තෑවක් තිස්සෙ රැවටුන විදියට බත් නෙමේ පස් කන්ට ඕන” යැයි සඳහන් අළුත් ගීතයේ ගත යුතු යමක් තියෙනවා. හැබැයි මේ ගීතයේ විතරක් නෙමේ තවත් බොහෝ තැන්වල “ජනතාව රැවටුනා” කියල කියවෙන ජනප්‍රිය පාඨයේ ඊට එහා ගිය යථාර්ථයකුත් නැතුවාම නොවේ..

මොකද රට දිගුකල් පවත්නා ජාතිවාදයක ගිල්වපු බන්ඩාරනායකගේ 56 යේ ජයග්‍රහණය පිටුපස තිබුනේ බහුතර ජනයාගේ ඇඟ ඇතුලේ තිබුන මුග්ධ ජාතිවාදය මැතිවරණය හරහා ක්‍රියාත්මක වෙච්ච එක. ඊළඟට මහින්දගේ ජයග්‍රහණයත්, ගෝඨාගේ ජයග්‍රහණයත් පසුපස තිබුනෙත් ජනතාවගේ ඇඟේ තිබුන මුග්ධ ජාතිවාදය චන්ද පත්‍රිකාව හරහා ප්‍රකාශයට පත්වීම මිසක් හුදු අහිංසක රැවටීමක් පමණක්ම නොවේ..

මේ ජනතාව රැවටුනා කියන වාක්‍යයේ අර්ථය වෙන්නේ ජනතාව යනු නොමේරූ රැවටෙනසුළු ළමයින් වැනි පිවිතුරු කොටසක්ය සහ පාලකයින් පමණක් කයිරාටික කපටීන් පිරිසක්‍ ය යන අර්ධ සත්‍යයයි..

පාලකයින් කපටියි යන්න සියවරක් සත්‍ය ප්‍රකාශයක් බව සැබැවි, නමුත් නමුත් ජනතාව යනුද බබාලාම නොවේ.. මේ බොහෝ අර්බූදයන්ට පාලකයින් සේම ජනතාවද වගකිව යුතුය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : ඉන්දියානු සාගර වෙරළබඩ...

නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර,...

පෞද්ගලික අංශයේ අවම වැටුප ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : 2026 ජනවාරි පළමු...

හරිනිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දින දෙයි!

කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය...