*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

පාසල් දරුවන්ගේ ප්‍රවාහන සේවා ගාස්තු නියාමනයට පියවර!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): පාසල් දරුවන්ගේ ප්‍රවාහන සේවා ගාස්තු නියාමනය කිරීම සඳහා ඉතා ඉක්මනින් 1991 අංක 37 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත (NTC) සංශෝධනය කිරීමට නියමිත අතර , නව පනත් කෙටුම්පත එහි අවසන් අදියරේ පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි,

වත්මන් NTC පනත යටතේ පාසල් ප්‍රවාහන සේවා නියාමනය කළ නොහැකි බැවින් , පාසල් ප්‍රවාහන සේවා ඔවුන්ගේ විෂය පථය යටතට ගැනීමට නව විධිවිධාන සහිතව පනත මේ වන විට සංශෝධනය වෙමින් පවතින බව සඳහන් වේ.

පාසල් ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් වන ඉහළ ගාස්තු අයකිරීම නියාමනය හා ආරක්‍ෂාව නොමැතිකම වැනි ගැටලු රැසක් පාර්ශව රැසක් මතුකරමින් සිටියි.

පාසල් ප්‍රවාහන සේවා සඳහා වත්මන් පනතේ නිශ්චිත ප්‍රතිපාදන ඇතුළත් කර නොමැති බව සඳහන් කළ ඔහු එය රටේ තීරණාත්මක ප්‍රවාහන ක්ෂේත්‍රයක් වූ පාසල් ළමුන්ගේ ප්‍රවාහන සේවා නියාමනය කිරීමට බාධාවක් වී ඇති බව සඳහන් කළේය.

“වත්මන් පනත යටතේ, පාසල් ප්‍රවාහන සේවා සඳහා නිශ්චිත ප්‍රතිපාදන කිසිවක් ඇතුළත් නොවන බැවින්, ඒවා පිළිබඳව නිශ්චිතව තීරණය කිරීමට අපට බලයක් නොමැත. එබැවින්, පාසල් දරුවන්ගේ ගාස්තු ඇතුළුව ප්‍රවාහන සේවා නියාමනය කිරීම සඳහා එවැනි විධිවිධාන සහිත පනත අපි දැනට සංශෝධනය කරමින් සිටිමු. දැන් එම ක්‍රියාවලිය අවසන් අදියරේ පවතිනවා,” ලෙස ශෂී වෙල්ගම මහතා කියා සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan