*
Saturday, November 2, 2024
spot_img

Latest Posts

ඔලිම්පික් කමිටුවේ චෝදනා නිරාකරණය කර ගැනීමට සුදුසුම මාර්ගය – විගණනයකට යාම සහ නීතිය හමුවට යාමයි

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි , 15 කොළඹ (LNW): ජාතික ඔලිමිපික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සම්බන්ධයෙන් එල්ලවන දූෂණ චෝදනා පිළිබඳව අදහස් දැක් වූ ක්‍රීඩා පරිපාලකයෙකු පැවසුවේ මේ වන විට ගිලෙන නැවෙන් මීයන් පනිමින් සිටින බවය.සමහර මීයන්ට පනින්නට ඇවසි වුව ද,ඉතා උපක්‍රමශිලීව ඔවුන් ඔලිමිපික් කමිටු ලේකම්වරයාගේ ග්‍රහණයට හසු වි තිබෙන බවය.


මැක්ස්වල්ට සහය දැක්වුව ද,එහි ඇලී නැති පිරිස් ඉතා සූක්ෂම ලෙස මේ වන විට ඉල්ලා අස්වෙමින් තිබෙන බව පෙන්වා දුන් ඔහු, නමුත් මේ කරුණු විභාගයට ගැනෙන නීතිමය පසුබිමක ඔවුන්ට සාක්ෂිකරුවන් ලෙස වගකීමට බැදී සිටින බව ද පෙන්වා දුන්නේය.


අලුත්ම ප්‍රවේශය සැකසී ඇත්තේ බොක්සිං සංගමයේ ලේකම් හේමන්ත වීරසිංහ විසින් යොමු කරන ලද ලිපියක් සම්බන්ධයෙන්ය.එහිදී ඩයන් ගෝමස් විසින් නිසි ඉලක්කයක් සහිතව චෝදනා ගොනු කරමින් ඔලිමිපික් කමිටු ලේකම්වරයාට දෝශාරෝපනය කර ඇති අතර එහිදී ලේකම්වරයා කර ඇත්තේ 2006 පමණ කාලයේක ඩයන් ගෝමස් ගේ දියණියන් දෙදෙනා ජල ක්‍රීඩාවෙන් ඔලිමිපික් නියෝජනය කිරිම සම්බන්ධයෙන් පෞද්ගලිකව චෝදනාවක් ඉදිරිපත් කිරීමය.


මෙ සම්බන්ධයෙන් පසුව ඇති වූ ගැටුම්කාරි තත්ත්වය පහවීම සම්බන්ධයෙන් ද වාර්තාවට ඇතුළත් වී ඇත්තේ ඩයන් ගෝමස්ව පහත් කර සළකන අයුරෙන් බව පෙන්වා දී ඇති හේමන්ත, සිය ලිපියේ ප්‍රධාන අදහස ලෙස නාභිගත කරන්නේ වෝහාරික විගණනය පැහැර හැරීමය.එසේ සූදානමක් හෝ පෙනෙන්නට නැති බව ද ඔහු ගේ ලිපියෙන් අවධාරණය කරන්නේය.


“පත්වෙලා තියෙන තත්ත්වය අනුව ක්‍රීඩා පණතට එහා ගිය රටේ පොදු නීතිය ඉදිරියේ මේ ප්‍රශ්න කිරීම් සිඳුවෙන්න නියමිතව තිබෙනවා.මං හිතන්නෙ ඒක තමයි වැදගත්.පාඩම් ඉගෙනගෙන තියෙනවනම් ක්‍රීඩා පණතෙ එල්ලිලා එහි ඇති දේශපාලන බලය යොදාගන්නෙ නැතුව රටේ වංචාවන් සම්බන්ධයෙන්,විශ්වාසයන් බිඳ දැමීම සම්බන්ධයෙන් කතා කරන්න රටේ පොදු නීතිය යොදාගන්න එකයි වැදගත්.ඒක තමයි ක්‍රීඩා පණතෙන් තීරණ ගන්න පහසුම විදිහත්”


“අදාළ නිලධාරියා පෙන්වා දෙන්නේ ඉදිරියට මේ සම්බන්ධයෙන් නීතිමය විසදුම්වලට යායුතු ආකාරය ගැනය.දැනට මැක්ස්වෙල් ප්‍රධාන කොට චෝදනා එල්ල වෙන අයටත් කරන්න වැඩක් තියෙනවා.තමන්ගේ කීර්තිය වෙනුවෙන් ඉක්මණින් වෝහාරික විගණනයකට යන එක.”
අප ඔහුගේ අදහසට එරෙහිව යමින් ප්‍රශ්න කළ සිටියේ “එසේ කර නිවැරදි විය හැකිනම් මේ චෝදනා බොරු නේද?”
යනුවෙන්ය.
ඔහු ඊට සෘජු පිළිතුරක් දුන්නේ නැත.සමහරවිට විය හැකියි.”ඇත්තටම එහෙම වුණත් ඒක එතනින් ඉවර කරගෙන ගන්න ලැබෙන දඬුවමක් විඳගෙන හමාර කරන්නෙ නැතුව මෙහෙම ඉන්න එක තව දුරටත් අපකීර්තිය වැඩි කරනවා නොවේද?”


ඔහු පෙරළා නඟන ප්‍රශ්නයට පිළිතුර අප සතුව නැත.ශ්‍රී ලංකා ඔලිමිපික් විනිවිදභාවයෙන් යුතු පුළුල් විගණනයකට ගොස් මේ ප්‍රශ්නය විසඳා ගන්නා තෙක් ඒ නම හා සබැඳි සියල්ලටම සමාජය ඉදිරියේ මුහුණ පාන්නට වෙන අපවාදයට,අපකීර්තියට විසඳුමක් තිබිය යුතුය.එසේම මේ ආකාරයට චෝදනා ගොනු කරන පාර්ශව ද වචනවලින් එහා ගිය මැදිහත්වීමක් කර මේ කරුණු නීතිය හමුවට රැඟෙන යා යුතුය.


“මේ ගැන සමහර විට තමන්ගෙ නම ගෑවෙන එකට ගොඩක් අය බය ඇති.හැබැයි ඒ නම ගෑවෙන හැටි සහ කා වෙනුවෙන් තීරණ ගත්තාද කියන එක කිව්වොත් යම් සහනයක් ගන්නත් පුළුවන්.නැවෙන් පැනල ගියා කියල ඒක වෙනස් වෙන්නෙත් නැහැ.”


ඉහළ ක්‍රීඩාවේ පරිපාලනයට සම්බන්ධ නිලධාරියා විස්තර කරන ආකාරයට නිවැරදි විගණනය සහ නිතිය ඉදිරියේ සියලු කරුණු පසිඳලීම මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාව මත මේ නිසා ගෑවී තිබෙන පැල්ලම් ඉවත් කිරිමට හොඳම ක්‍රමයය.සැබවින්ම ඒ මතය අපි ද දරන්නෙමු.වචනවලින් මිනිස්සු විනශ කරනවා වෙනුවට නිවැරදිම පිළිවෙත් අනුගමණය කර මේ එල්ලවන වංචා සහ දූෂණ චෝදනා විසඳා ගත යුතුය.එවිට ඇති වී තිබෙන පැල්ලම ගැන හරි චිත්‍රය දැනගත් පසු ඒ ගැන කතා නොකර සිටිය හැකි අතර එම පැල්ලම තිබෙන තුරු හැම අවස්ථාවකදීම පැල්ලම ගැන කතා කිරීම විඩාබරය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan