ඩුබායි හි සැඟවී සිටි අපරාධ කල්ලි සාමාජිකයකු CIDය මෙරටට රැගෙන එයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායක සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, අද (15) අලුයම ඩුබායි හි සැඟවී සිටි අපරාධ කල්ලි සාමාජික පියුම් හස්තික නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බවයි.

සංචාරයක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නදුන් චින්තක හෙවත් හරක් කටා සහ ඔහුගේ කුප්‍රකට සගයකු වන සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් 2023 මාර්තු 11 වැනිදා මැඩගස්කරය බලා පිටත්ව ගිය අතර, පසුව එම නිලධාරීන් මාර්තු 15 වැනිදා ‘කුඩු සලිඳු’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ නැවත ශ්‍රී ලංකාවට පැමිණ, ඔවුන් දෙදෙනා දින 90 ක් රඳවා තබා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ නියෝගයක් ලබා ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...