ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පක්ෂ වලට මුදල් පොම්ප කරන මැතිවරණ බැඳුම්කර තහනම් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පුද්ගලයන්ට සහ සමාගම්වලට නිර්නාමිකව සහ සීමාවකින් තොරව දේශපාලන පක්ෂවලට මුදල් පරිත්‍යාග කිරීමට ඉඩ සලසන මැතිවරණ බැඳුම්කර නමින් වසර හතක් පැරණි මැතිවරණ අරමුදල් ක්‍රමයක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කර ඇති බව වාර්තා වේ.

අගවිනිසුරු ඩී වයි චන්ද්‍රචුඩ් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම ක්‍රමය ව්‍යවස්ථා විරෝධී බව තහවුරු කළ අතර අවස්ථා ගණනාවකදී සිවිල් කණ්ඩායම් හා විරුද්ධ පක්ෂයන් විසින් පක්ෂ වලට මුදල් ලබා දෙන්නෙන් කවුරුන්ද යන්න දැනගැනීමට අයිතියක් මහජනතාව සතුව ඇති බව පෙන්වා දෙන ලදී.

මෙම ක්‍රමය යටතේ පුද්ගලයෙකුට හෝ සමාගමකට මෙම බැඳුම්කර ඉන්දීය මහා බැංකුවෙන් රුපියල් 1,000 (ඩොලර් 12) සිට රුපියල් මිලියන 10 ($ 120,000) දක්වා මිලට ගෙන ඔවුන් කැමති දේශපාලන පක්ෂයකට පරිත්‍යාග කළ හැකිය. ඒ අනුව, මැතිවරණ බැඳුම්කර දේශපාලන අරමුදල් සැපයීමේ ප්‍රධාන ක්‍රමයක් බවට පත්ව තිබිණි.

මෙම ක්‍රමයේ විශාලතම ප්‍රතිලාභියා වූ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) වන අතර මැතිවරණයට මාස දෙකකට පෙර මෙම ක්‍රමය හඳුන්වා දීමත් සමඟ මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) අරමුදල් අතින් සුබෑමකට ලක්වණු ඇතැයි සැලකේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...

චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ...

වෙරළ සංරක්ෂණ බලකාය මාර්ග සංරක්ෂණය කරද්දී දෙහිවල – ගල්කිස්ස මහ නගරසභාව මර නින්දේ !

පහත ඡායාරූපවලින් දිස්වන්නේ දෙහිවල පාලම අසල වෙරළ තීරයේ පවතින...

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...