*
Thursday, February 20, 2025
spot_img

Latest Posts

ඔසී ලාංකිකයන්ට මාර්තු පළමුවන දා, රත්තරන් කොල්ලෙක් බලන්න පර්ත් එන්න පුළුවන් ද?

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 16,(LNW)කොළඹ :

රුමේෂ් තරංග මේ දිනවල ඉන්නෙ ඕසට්‍රේලියාවෙ.ගෙවුණු පැරිස් ඔලිම්පික් උළෙලට යන්න ඔහුට මදි වුණේ සෙ.මී.5 ක දුරක්.ඔහුට ලැබුණු ආසියානු වීවෘත වීසිකිරීමේ සූරතාවලයේදී හෙල්ල මීටර් 85.45 ක් දුරට වීසි කරලා රුමේෂ් තරංග නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ එහි රන් පදක්කමත් දිනා ගත්තා.ඒත් පැරිස් තේරීම් ආසන්නයේ ලැබුණු එම තරගාවලියට පෙර තරගකාරී ජාත්‍යන්තර තරගාවලි දෙකක්,තුනක් නියෝජනය කරන්න රුමේෂ්ට අවස්ථාව ලැබුණනම් ඔහු පැරිස් ඔලිම්පික් උළෙලෙ අපට දැක ගන්නට ලැබෙනවා.


මේ වෙලාවෙත් රුමේෂ්ට එක තරගයක් අහිමි වෙලා තමයි ඔස්ට්‍රේලියානු සංචාරයට යන්න ලැබෙන්නෙ.පැරිස් ඔලිම්පික් උළෙලෙ පෙනී හිටින්න බැරි වීම ඔහුට සිඳු වූ අසාධාරණයක් විදිහට මේ රටේ පක්ෂ විපක්ෂ කිසිවෙකු විවේචනාත්මකව කරුණු ඉදිරිපත් කරන බව දැකලා නැහැ වගේම මෙවර ඔස්ට්‍රේලියා සංචාරයට වීසා නොලැබීම සහ පමාවීමත් කාටවත් ප්‍රශ්නයක් වුණේ නැහැවෙමින්


මේ තමයි ලංකාවෙ ක්‍රීඩාව.අපි මීට පෙරත් සල්ලි තියෙන ක්‍රිකට් හැරෙන්න මහජන නියෝජිතයන්ට සල්ලි හොයලා රැක ගන්න ඕනි අනෙකුත් ක්‍රීඩා ගැන සංවේදීකමක් නැහැ. එහෙම වුණාම කෙනෙකුට දැනෙන සාධාරණ හැඟීම තමයි ඒ සංවේදීකම එන්නෙ ක්‍රිකට්වලට තියෙන මුදල්වලට කියලා.හැබැයි ක්‍රිකට්වලින් කීයක් හරි වෙන ක්‍රීඩාවකට කීයක් හරි දුන්නොත් ඇරෙන්න,මේ සංචාරයට,මේ පුහුණුවට ගන්න කියලා ලංකාවේ දේශපාලකයින් මුදල් දෙන එක කළුනික හොයනවා වගෙයි.එහෙම අවස්ථාවකදි දෙකකදි වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසනම් අනුග්‍රහයන්වලට පෞද්ගලිකව මැදි වෙලා කටයුතු කරලා තියෙනවා.උදාහරණයකට නෙත්මි අහිංසා මල්ලව පොර සූරියටත් ඔහු ජයග්‍රහණ ගෙන එන්න යන්න උපකාර කළ බව දැකලා තියෙනවා.
ඉතිං එහෙම රටක හෙල්ල වීසි කරන තරම් පහසු නැහැ රටේ ක්‍රීඩාවන් සම්බන්ධ සම්ප්‍රදායික අදහස දුරට වීසි කරන්න.මේ තත්ත්වය ක්‍රීඩාව සංස්කෘතියක් විදිහට විහිදුණු ඔස්ට්‍රේලියාවේ ඉන්න ලාංකිකයො දන්නවා.මේ කියන්න හදන්නෙ ඒ අයට ලංකාව ගැන තියෙන හැඟීම වෙනුවෙන් රුමේෂ්ට උදව් කරන්න එන්න කියන්නයි.
හම,හමුදාව,පළාත මේ විදිහට ලංකාවෙ සැලකීම්වලදි වර්ග වෙන ආකාරයන් කිසිවක් අදාළ නොවන ඔස්ට්‍රේලියාව පෙරමුණට ඒමේ අවස්ථාව දක්ෂයා වෙනුවෙන් විවෘත කරනවා.මේ වෙලාවෙ ලංකාවෙ ටෝනි ප්‍රසන්න සමඟ හෙල්ලෙන් විස්කම් පාන මඟ පෙන්වීම ලබා ගන්න රුමේෂ්ට කෙටි කාලීනව ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රානත්යෙන් අවස්ථාවක් ලැබිලා තියෙනවා.ඒ පුහුණු කටයුතු සිඳුවන්නෙ,ක්වින්ස්ලන්ත ක්‍රීඩා ඇකඩමියෙ ජාතික ඉහළ කාර්ය සාධනය පිළිබඳ එ්කකයෙ විසිකිරීම් පුහුණුකරු මයික් බාබර් සමඟයි. පර්ත්වල WA Athletics Stadium හී මාර්තු 1 දා ඇරඹෙන තරගයට පෙර සූදානමක් හැටියට ඒ ලැබෙන පුහුණුව වගේම රුමේෂ්ට තරග වඳිද්දි තමන්ට හුරු බසින් තමන්ගෙ නමයි රටයි කියලා කතා කරන,කෑ ගහන වගේම තමන්ව නියෝජනය කරන ජාතික කොඩිය රැඟෙන ඉන්න යුගත් අපූරු උත්තේජනයක් සපයාවි.ඒක තමයි වැදගත්.ඊට පස්සෙ ඔපට අවශ්‍යයනම් ඔහුගෙ ඉදරි ගමන විශේෂයෙන් ටෝකියෝ හී පැවත්වෙන ලෝක සූරතාවලිය,2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය වැනි සිහින මායිම් ඉක්මවා යන යථාර්තයට ඔහුය රැඟෙන යන්න අවශ්‍යය අත්වාරු තනන හැටි කතා බහ කරන්නත් පුළුවන්.


ඒ වගෙම අවුරුදු 21 පසුවන රුමේෂ්ට ඔස්ට්‍රේලියානු පුහුණුවේදී දෙවරක්ම ලෝක මලල ක්‍රීඩා සූරතා රන් පදක්කම් සහ ටෝකියෝ ඔලිම්පික් උළෙලෙ ලෝකඩ පදක්කම දිනුව 33 හැවිරිදි කේල්සි ලී බාබර් සමඟ පුහුණු කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා.ඇය දෙවරක් ලෝක සූරතා රන් පදක්කමට ඔසවා තැබූ පුහුණුකරු පමණක් නොවේ මයික් බාබර් ඇයගේ ආදරණිය සැමියාද වෙනවා.ඒ නිසා රුමේෂ් ට මේ කෙටි කාලීන පුහුණුව යටතෙ ලෝක සූරියකගේ තරග අත්දැකීම බෙද ගන්නට වගේම,ලෝක සූරියක තනපු පුහුණුකරුවෙකු යටතේ පුහුණුව ලබා ගන්නට ද අවස්ථාව ලැබෙනවා.අපි උත්සාහ කරමු මේ ක්‍රීඩාංගණයට ආසන්නයේ ඉන්න ලාංකිකයන් හැටියට එකතු වෙලා මාර්තු 1 වන සෙනසුරාදා ලංකාවේ තැනෙන ලෝක සූරයෙක් ගැන සිහිනය යථාර්තයක් කිරීමේ උත්සාහය පොහොසත් කරන්න.
තරග කාල සටහනට පහතින් පිවිසෙන්න.
https://bit.ly/3CWhPfT

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan