නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තදබදයක් හේතුවෙන් 18ක් මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තදබදයක් හේතුවෙන් කුඩා දරුවන් හතර දෙනෙකු හා කාන්තාවන්ද ඇතුළුව 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

උතුරු ප්‍රයාග්‍රාජ් නගරයේ වසර 12කට වරක් පැවැත්වෙන හින්දුන්ගේ ඇති උත්කර්ෂවත් උත්සවය වශයෙන් හඳුන්වන කුම්භමේලා උත්සවය පෙබරවාරි 26 දිනෙන් අවසන් වීමට නියමිත හෙයින් කුම්භමේලා උත්සවයේ පූජනීය ගංගා ජලයේ නෑම සඳහා ඊයේ(15) රාත්‍රියේ ප්‍රමාද වූ දුම්රියවලට ගොඩවීමට උත්සහ ගැනීමේදී ඇතිවූ තෙරපීම හේතුවෙන් මෙම මරණ සිදුව තිබේ.

අභ්‍යවකාශයට පවා දිස්වන බව සඳහන් වන කුම්භාමෙලා උත්සවයට දැනටමත් මිලියන 500 ක බැතිමතුන් උත්සවය සඳහා සහභාගී වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහනක් එක් කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි සඳහන් කර තිබුණේ, ප්‍රයග්‍රාජ් වෙත යන බැතිමතුන් විශාල සංඛ්‍යාවක් සැලකිල්ලට ගෙන, දුම්රිය ස්ථානයේ වඩා හොඳ විධිවිධාන සලසා ගත යුතුව තිබුණු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...