ගමේ නඩු ගෙදරටම ගිහින් අහන්න මාලිමාව යටවත්තෙන් පටන් අරන්ද ? (VIDEO)

0
1252

ආණ්ඩුවට විරුද්ධ ෆේස්බුක් සටහන් පළ කළැයි පුද්ගලයකුගේ නිවසටම පැමිණ අනතුරු හඟවන ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය නායකයකුගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි අමල් අත්තනායක නමැති අයකුගේ නිවසට පැමිණ මෙසේ තර්ජනාත්මකව දොස් පවරා ඇත්තේ යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීර බවයි මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න සඳහන් කරන්නේ.

ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ පැරණි ජවිපෙ ක්‍රමය පරාජය කිරීමට රටේ සියලු ප්‍රගතිශීලී බලවේග සහ නිදහස් පුරවැසියන් එක්විය යුතු බවත් මන්ත්‍රීවරිය අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්නගේ සම්පූර්ණ සටහන සහ අදාළ වීඩියෝව පහතින් දැක්වේ.