දිස්ත්‍රික්ක දෙකකට නායේ යෑමේ අනතුරු ඇඟවීම්!

0
3

කොළඹ LNW: ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (16) පෙරවරු 9.00 සිට හෙට(17) පෙරවරු 9.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස එය දක්වා තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ ⁠වලපනේ යන ප්‍රදේශ වෙත එම අනතුරු ඇඟවීම් සිදුකර ඇත.