අද සිට විදුලිය අඛණ්ඩව!

Date:

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරන්නේ 66%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු බැවින් අද (16) සිට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන්නේ විදුලි බිල පියවා ගැනීමට නොහැකිව සිටින පිරිස් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයකට එළැඹීමට නියමිත බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විදුලි බිල වැඩි කිරීමට අකමැති වූවද මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේ එකඟතාවය මත මෙම තීරණයට එළඹ ඇත. මෙම යෝජනාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වෙයි.

ඊයේ (15) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 66 කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබුණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...