මැතිවරණයට ජාත්‍යන්තර සහය ලබාගත හැකියි – ආචාර්ය පවිත්‍රා ජයවර්ධන

Date:

කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන පවසන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති නම් ජාත්‍යන්තරයෙන් ඊට අවශ්‍ය මුදල් සපයාගත හැකි බවයි. ඇය පෙන්වා දෙන්නේ විදේශ ප්‍රතිපත්ති, විදේශ සේවය, රාජ්‍ය දූතකරණය යන අංශ හරහා එම මුදල් ලබාගත හැකි බවයි.

ඇය පවසන්නේ පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බවට ප්‍රකාශ කරනු ලබන්නේ ආණ්ඩුවේ වුවමනාවක් මත බවයි.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කළ අතර එයට හේතුව ලෙස පෙන්වා දුන්නේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ මුදල් නොලැබීමයි.

මුදල් ලබානොදෙන්නේ නම් ඊට අදාළ මුද්‍රණ කටයුතු සිදුකිරීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය මීට පෙර දැනුම්දී තිබූ අතර, තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඊයේ දිනයේ සිදුකිරීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණේ මේ මස 22, 23 සහ 24 යන දිනවලදීයි.

පළාත් පාලන මැතිවරණය සඳහා සිය කොමිෂන් සභාව ඉල්ලා ඇති මුල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබානොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන සිය කොමිසම හමුවට කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (15) පවසා තිබිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...