*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

විදුලි බිලට එරෙහිව ක්‍රියාකරනවා – ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කියා සිටින්නේ, විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව කටයුතු කරන බවයි. ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එහි කැදවුම්කරු රංජන් ජයලාල් පවසයි.

ඔහු පවසන්නේ ජනතාවට සිය නිවසේ විදුලි බිලට අමතරව සේවා ලබා ගන්නා ආයතනවල විදුලිබිල ගෙවීමට ද සිදුවන බවයි.

විදුලි ගාස්තු සියයට 66 කින් ඉහළ දැමීමට අනුමැතිය ලබාදෙමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලිබල මණ්ඩලයට ඊයේ ලිඛිතව දැනුම් දෙනු ලැබුවා. ඒ, එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු සාමාජිකයන් තිදෙනාගෙන් අත්සනින් යුත් ලිපියක් නිකුත් කරමින්. කෙසේවෙතත් එම ලිපියට එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අත්සන් කර තිබුණේ නැත.

ඊයේ (15) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 66 කින් විදුලි ගාස්තු ඉහළ දමන බවට විදුලිබල මණ්ඩලයේ ඇතමුන් ප්‍රකාශ කළද ඇතැම් නිලධාරීන් ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේ විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ අනුමැතිය දුන් ලිපිය එතෙක් ලැබී නොමැති බවයි.

විදුලිබල මණ්ඩලය මීට පෙර කර තිබූ විදුලි ගාස්තු සංශෝධනයට අනුව මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි වනවා. ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව වැඩිවන්නේ රුපියල් 37 කින්. ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි වනවා.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව මෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 75ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.

එමෙන්ම,
? මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400/=

? ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 550/=

? ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650/=

දක්වාත් වැඩි කර තිබෙනවා.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වාත් ඒකක 121 සිට 180 දක්වාත් ස්ථාවර ගාස්තුව වැඩිවී ඇත්තේ රුපියල් 1500/= කින්.

ඒ අනුව කිසියම් නිවසක ඒකක 90 ක් භාවිත කළහොත් ආසන්න වශයෙන් එම නිවසට රුපියල් 3,700/= කට අධික විදුලි බිලක් ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඉකුත් සමයේ දැඩි විරෝධයක් එල්ලවුවද ආගමික ස්ථාන හා පුණ්‍යාගාමික ස්ථාන සඳහා වන විදුලි ගාස්තුවද වැඩිකර තිබෙනවා. ඒ අනුව පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකළ රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරුණා. ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වා වැඩි කර තිබෙනවා. ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 32ක් වෙනුවට රුපියල් 50ක් අය කෙරෙනු ඇති.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා මුල් ඒකක 30ට අය කළ රුපියල් 90ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩයට රුපියල් 120ක් ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 දක්වාත් වැඩිවනවා.

කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අය කළ රුපියල් 20ක ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 26ක් දක්වා පමණයි. ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 20ක්ව පැවති ගාස්තුව රුපියල් 26ක් දක්වා ද වැඩි වී තිබෙනවා.

පලමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1200 දක්වාත්, ඒකක 300ට වැඩි සෑම කර්මාන්තයක් සඳහාම අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 1600 දක්වා පමණයි.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25ක් පැවති ඒකකයක මිල රුපියල් 40ක් දක්වා වැඩිකර තිබෙනවා. ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32ක ඒකක ගාස්තුව රුපියල් 47 දක්වා වැඩි වනු ඇත.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360ක ස්ථාවර ගාස්තුව රුපියල් 1000 දක්වා වැඩිකර තිබෙනවා. මීට පෙර විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණේ ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1600 දක්වා වැඩි කිරීමටයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan