*
Monday, September 30, 2024
spot_img

Latest Posts

රඳැල්ල මේ රටේ ක්‍රිකට් උප සංස්කෘතියක ආරම්භයක් විය යුතුයි.

නවසීලන්ත සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳල්ල පිහිටි දිඹුල ක්‍රීඩා සමාජ පිටියෙ පුහුණුවීම් කිරිම සඳහා අද පිටත්ව යනවා.මේ සඳහා පිටියේ අවශ්‍යය තණතිලි පහසුකම් ප්‍රමාණයේ ඉදලා පහසුකම් සංවිධානය කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වගකීම පැවරුණු ග්‍රොඩ්පි දබරේරා විසින්.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සීමිත කාලයකට ගත්ත අහඹු තීරණයක් නොවී රදැල්ල ආශ්‍රිතව එම ප්‍රදේශයේ ක්‍රිකට් නඟා සිටුවීමේ වැඩ සටහනක් සමඟ මේ කාර්යයට පිවිසෙනවනම් එය ශ්‍රී ලංකාවට ක්‍රම කිහිපයක වැදගත් අවස්ථාවක්.


රඳැල්ල සම්බන්ධයෙන් මේ ලියුම්කරුගේ මතකය ජාත්‍යන්තර ක්‍රිකට් සම්බන්ධයෙන් බැදි තිබෙන්නේ 1983 දක්වා දුරකය.එහිදි රඳැල්ල තරගයක් පැවත්වීමට යෝජනා වී තිබුණ ද,එය එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමිණ.ඩේවිඩ් හවුටන් එම කණ්ඩායමේ නායකයා විය.වර්ථමානයේ එංගලන්ත කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩක යුගලක් වන සෑම් කරන්ගේ සහ ටොම් කරන්ගේ පියා වන කෙවින් කරන් ද එම කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටියේය.

ඉනික්බිතිව රඳැල්ල කියන මහාර්ඝ සම්පත අපට අත හැරිණ.නමුත් 2000 වසරේදි ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන පැවති අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී නැවත රඳැල්ල කරළියට ආවේය.එහිදි එහි පැවති සියලු තරග නැරඹීමට ද මේ ලියුම්කරුට හැකි විය.නැමීබියාව වැනි රටවල ක්‍රීඩකයින් ද ඇමෙරිකාව නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩකයින් ද මේ තරගාවලියට එකතුව සිටි අතර ඇතැම් වේගවත් පහරවලදී මේ ක්‍රීඩකයින් පන්දුවට අත නොදැම්මද,සීමාවෙන් පිටත සිටින අවුරුදු 10 – 12 පොඩි කොළු ගැටව් ඒ වේගයන් තඹයකට මායිම් නොකර රැක ගන්නේය.

“යෙපි පය නැහැ”
ඔවුන්ගේ කොස් කටු මෙන් රළු අත්වලින් අල්ලාගෙන විමසද්දි පැවසුවේ එවැනි අදහසක්ය.නමුත් එච්චර හයිය හිත සහ ශරීර ඇති ඒ කුඩා දරුවන් ප්ලාස්ටික් හිස් වතුර බෝතල බෙදා ගන්නට රණ්ඩු වූහ.ඇතැම් විදෙස් ගැටවර ක්‍රීඩකයෝ මේ පොර බැදීමෙන් සතුටු වෙන්නට ඔවුන් අතරට හිස් බෝතල් උඩට විසි වන සේ යොමු කළහ.එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පත් කළ එම කණ්ඩායම් භාර නිලධාරීන් හැටියට එහිදි හිරෝෂි වෙළගෙදර,ඕෂධී විරසිංහ යන අය ද එක් වූ බව මතකය.බන්දුල වර්ණපුර තරග තීරක සේ තරග කිහිපයකටම එක් වූහ.දිඹුල ක්‍රීඩා සමාජයට අයත් එම පිටිය ද හොඳින් කළමණාකරනය වි තිබිණ.එක් කණ්ඩායමක පුහුණුකරු සේ පැමිණි ටෝනි ඕපාත පැවසුවේ මේ ක්‍රීඩාංගණය ලෝකයේ ආකර්ශණීයම එක්දින ක්‍රීඩාංගණයක් හැටියට පවත්වා ගෙන යා හැකි බවය.

එදා සිට රඳැල්ලේ පිහිටි දිඹුල ක්‍රිඩා සමාජයට අයත් මේ ක්‍රීඩාංගනය ගැන දැක් වූ අදහස් අතර මෙහි ක්‍රීඩා පිටියක් තිබිමේ වැදගත්කම ගැන බොහෝ විට පවසා තිබිණ.එහිදි අවධානයට ලක් කරන ලද විශේෂ කරුණු කිහිපයක්ද විණි.
ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කාලගුණික සහ වේගය සහිත දෝලනයට මුහුණ දීමේ හොඳ පෙරහුරුවක් මේ ක්‍රීඩාංගණයෙන් ලබා ගැනිමට හැකි වනු ඇත.එසේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් මඟ හැරුණු වතුකරයේ පාසල්වල අධ්‍යාපනික පහසුකම් සහ ක්‍රීඩා පහසුකම් දියුණු කරන්න මේ පිටියේ පවත්වන තරගවලින් යම් ආදායමක් හොයන්න පුළුවන්.දැනටත් රැව්වට ගෙරෙව්වට රොසාන් රණසිංහ යි ආණ්ඩුවයි කීයක්නම් දේවලට ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් මුදල් හිඟා කනවද?හැබැයි වතුකරයේ පාසල් සඳහා එහෙම වැඩක් කරනවනම් ශ්‍රී ලංකා ක්‍රිකට්ම අධ්‍යාපන අමාත්‍යංශය සමඟ කතා කරලා වෙනම සංවිධානයක් හදන්න ඕනි.නැත්නම් වතුකරයේ දේශපාලනය කරන කොළඹ සැපවත් ජීවිත ගත කරන අය මේ දරුවන්ට අවශ්‍යය පහසුකම් සහ විශේෂයෙන් දැණුම දෙන්නෙ නැහැ.එහෙම වුණොත් ඒ චෞර දේශපාලනයේ ඇත්ත මේ දරුවො ඉගෙන ගන්නවා.
ඒ වගෙම දිඹුල තරග පැවත්වෙනවානම් නුවරඑළිය හග්ගල වගෙම නුවර ගම්පොළ ඉලක්ක කර ගත් සංචාරක කළාපයක් නිර්මාණය කරගන්න පුළුවන්.දැනටත් විශාල සංචාරක ආකර්ශණයක් සහිත මේ ප්‍රදේශවල ආර්ථිකයට ගොව්යගෙ ඉදල තව තව උප රැකියා නිර්මාණය වෙන පසුබිමක් ක්‍රීඩාව හරහාම හදාගන්න පුළුවන්.තරගාවලියක අවසාන තරගය නුවරඑළියට රැඟෙන ගියොත් සංචාරකයන් තරග නැරඹීමෙන් පසුවත් තව දින කිහිපයක් මෙහි රැඳි සිටියි.නුවරඑළියෙන් වැළිමඩට බදුල්ලට ඇති මාර්ග පහසුකම් ද සමඟ ඔවුන් නැවත වෙනම මාර්ගයකින් රත්නුපර හරහා කොළඹට පැමිණෙන මාර්ගයක් හෝ මහනුවර හරහා කොළඹට පැමිණෙන මාර්ගයක් සකස් කළ හැකියි.තත්ත්වය වැඩි දියුණු කළ හැකිනම් නුවරඑළිය හරහා කුමන හෝ සමාගමකට දේශිය ගුවන් සංචාර ගැන ද සිතා බලන්නට හැකියාව තිබෙයි.

ඒ නිසා රඳැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය කියන්නෙ රටකට යනකොට පුහුණුවීම් කරන්න තියෙන තැනක් විතරක් නෙමෙයි.රටේ ආර්ථිකයට අතිශයින් වැදගත් මර්මස්ථානයක්.දිඹුල පිටියේ ඉතිහාසය බලන්න.වර්ෂ 1856.ඒ කියන්නෙ වර්ෂ 267 ක් ඉතිහාසයක්.උස මුහුදු මට්ටමෙන් අඩි 4200 ක්.ඒ වගෙම සෞම්‍ය දේශගුණය.
පිටිය ආසන්නයෙන් ගලන පටු හැඩකාර දොළ පහර මතම එම වතුරට හානියක් නොවන්න ප්‍රේක්ෂකාගාරය ඉදි කළ හැකියි.ඒ වගෙම එහි මදක් පහළට වන්න නාන ස්වභාවික නාන තටාකයක් ඉදි කරන්නත් හැකියාව තිබෙනවා.ඒ ක්‍රිකට් පිටියට මදක් පහළින් දකින්න ලැබෙන රගර් ක්‍රීඩා පිටියට.ඒ ක්‍රීඩා පිටියත් ජාත්‍යන්තර මට්ටමට නංවන්න රගර් පරිපාලනයට ආරාධනා කරානම් ඔවුන් මේ මොහොතේ රගර් ක්‍රීඩාව වෙනුවෙන් කරගෙන යන වැඩ සටහන් හා සසඳද්දි බොහෝ විට කැමත්තෙන් භාර ගන්නට ඉඩ තිබෙනවා.

නමුත් වැඩ තනියෙන් කරන ක්‍රීඩා සංගම්වලට පැමිණ තමාගේ දණ ළඟ වැටෙන්න කියන ක්‍රීඩා ඇමතිවරයෙක් ලැබීමේ භාග්‍යයවන්තයන් වි සිටින ශ්‍රී ලංකාවට කවදාවත් ක්‍රීඩා නොකරපු උපදේශකයන්ගෙන් සහ තමන්ට තමන් නියෝජනය කරන ක්‍රීඩාවෙන් පිළිගැනීමක් බන්නට බැරි වීමේ කෝපය පිරිමහගන්න පිරිස්වලින් උපදෙස් ලබන ක්‍රීඩා අමාත්‍යවරයෙක්ගෙන් මේ දේවල්වලට සහය කෙතරම් ලැබෙයිද කියන එක සිතන්න බැහැ.දැනට තියෙන විශාලම ගැටළුව එයයි.

නමුත් ක්‍රිකට් ආයතනය මේ ගත්ත තීරණය තාවකාලික පුහුණුවක් සඳහා කරන ලද වෙහෙසක් නොවී ඉතා පලදායි අන්දමෙන් ක්‍රිකට් සහ ප්‍රදේශයේ අනෙකුත් ක්‍රීඩාවන්ට සහ අධ්‍යාපනයටත් පහසුකම් දෙන මට්ටමේ වැඩ සටහනක් බවට පෙරැළිය හැකිනම් එය අනාගතයේ දවසක ස්වර්ණමය අවස්ථාවකදී නිරන්තරයෙන් මතකයට නැඟෙන වැඩ පිළිවෙලක් වේවී.

බුද්ධිය ඇති පිරිස් ක්‍රීඩා පරිපාලනයේ සිටීනම් රගර් පිටිය ද සමඟ එහි මීටර් 400 කෘතිම නොවන හෝ ධාවන පථයක්ද ඇරඹිය හැකියි.පිටියේ ක්‍රීඩා කරන්නට ඒ ධාවන පථයෙන් පිට පහසුකම් සළසා ගන්නටත් ඉඩ තියෙනවා.බිඳ වැටෙමින් තිබෙන සිලෝන් ටී නම් වසර සිය ගණනක සිට මේ රටට විනිමය ඉපැයූ තේ දළු සිසිල සමඟ මෙවැනි ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය වෙනවානම් එය රටට අතිශයින් වැදගත් වේවි.මලල ක්‍රීඩා ධාවන පථය කාලයත් සමඟ කාතිමව එළෙනු ඇති.ඊට අවශ්‍යය ආයෝජන මේ සංචාරක ආකර්ශණය හොඳින්ම ඇති බිමට හිඟ නොවනු ඇති.අඩු ගණනෙ ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ නම බබලවන උෂාන් තිවංක පෙරේරා වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ක්‍රීඩා පිටිගැන අවධානයක් යොමු කරන්නට ඒ තරග නරඹන්නේ නම් මේ කියන කරුණු යථාර්තයක් කිරීම අපහසු නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් රදැල්ල තෝරා ගැනීම ගැන ස්තූතියි.මොහොතකින් දාලා එන්නෙ නැතුව මේ වැඩේ රට වෙනුවෙන් වැඩ ගොඩක් සමඟ රඳවාගන්න උත්සාහ කරන්න.ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්ත සංචාරයේදී බොහෝ දේ කරන්නට රඳැල්ලෙන් ලැබෙන ශක්තිය පාදක වේවා.

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan