දැන්ම ජන්දය නොතියන බවට පොහොට්ටු මන්ත්‍රීවරුන්ට බැසිල්ගෙන් සහතිකයක්!

පළාත් පාලන මැතිවරණය දැන්ම නොතියන බවට බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටු මන්ත්‍රීවරුන්ට සහතික වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

පසුගිය 14 වැනිදා දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ජාවේදී බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ බව ප්‍රකාශ කර තිබෙන බවටයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව ජන්දය සම්බන්ධයෙන් අනවශ්‍ය පීඩනයක් ඇතිකර නොගන්න බවට මන්ත්‍රීවරුන්ට රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවයි කියවුණේ.

කෙසේවෙතත් මේ වන විට මූල්‍ය ප්‍රශ්නයක් මතුකරමින් ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලාධිපතිනිය ප්‍රතික්ෂේප කර තිබෙන අතර තැපැල් ජන්දයද කල් දැමීමටයි මැතිවරණ කොමිසමට සිදුව ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...