අපට හෙණ ඉල්ලන්න එපා – සියලුම දේශීය නිෂ්පාදන මිල 20% ඉහළට (VIDEO)

විදුලි බිල වැඩි කිරීම හරහා සමස්ත කර්මාන්ත පද්ධතියම කඩා වැටෙන තත්ත්වයට පත්කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නිලුක්ෂ කුමාර මහතා සඳහන් කරන්නේ පසුගිය කාලය පුරා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු දුෂ්කර තත්ත්ව යටතේ කර්මාන්ත පවත්වා ගෙන ගිය අතර අන්තිම දොරත් වහන්න සිදුවෙලා තියෙද්දී විදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනුණු බවයි.

”අපිට දැන් පාරිභෝගික ජනතාවට කියන්න තියෙන්නේ අපිත් එක්ක තරහ වෙන්න එපා,අපිට හෙණ ඉල්ලන්න එපා අපිට සිද්ධ වෙනවා දේශීයව නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ වල මිල 15%කින් 20%කින් ඉහළ දාන්න. ඉදිරියට එන්නේ සිංහල අලුත් අවුරුද්ද. අපිට සිද්ධ වෙනවා සියලුම දේශීය නිෂ්පාදන වන නිමි ඇඳුම් මිල 15%කින් 20%කින් ඉහළ දාන්න.ඒ වගේම ආහාර දවටන 15%කින් 20%කින් ඉහළ දන්නා සිදුවෙනවා. මේ ඉහළ දැමීම කර්මාන්තකරුවෝ ලෙස සිදුකරන දෙයක් නෙවෙයි. අපිට කරන්න දෙයක් නැහැ. රටේ සමස්ත පාරිභෝගිකයාට අපි කියනවා ඔයාලා හෙණ ඉල්ලන්න විදුලි බිල වැඩි කරපු කාංචන විජේසේකර ඇතුළු මහජන උපයෝගිතා කොමිසමේ අනීතිකව බලය දුන්න මිනිස්සුන්ට” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...