ඇමති බන්දුල ඉවත් කළ බව කියූ සතොස සභාපති ආපහු වැඩට එයි (VIDEO)

Date:

මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළේයැයි පැවසුණු සතොස ආයතනයේ සභාපති නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා ඊයේ (15) දිනයේදී යළි සේවයට වාර්තා කර තිබේ.

යළි රාජකාරි කටයුතු ආරම්භ කර සිටි ඒ මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා සඳහන් කර තිබුණේ තමන්ට එරෙහිව එල්ල වී ඇත්තේ හුදෙක් පුවත්පත් මගින් කළ චෝදනාවක් පමණක් බවත් තමන්ව වැඩ තහනමකට ලක් කර නොමැති බවත් ය.

කෙසේවෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් සතොස නියෝජ්‍ය සභාපති නීතීඥ තුෂාර දිසානායක මහතා මාධ්‍ය වෙත පැවසුවේ වෙනුර ගුණවර්ධන මහතාව සේවයෙන් ඉවත් කර ඇති බවත් ඔහු එම ලිපිය තමන් වෙත නොලැබුණේ යැයි පවසමින් සේවයට පැමිණීම යනු ඔහුගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙදර නාය ගිය කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...

UNDP දෑත් මෙරට විපතට පත්වූවන් දෙසට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මෙරට සිදුවූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : අද රාත්‍රී 11.00...