*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

බවර් සමාගම අසූ වස් වියැති පුරාවෘත්තයක් බඳු තම ස්විස් සෝපානයට සමුදෙයි

2022 පෙබරවාරි 10

රැකියා ස්ථානයක ඇති සෝපානයක කාර්යභාරය හුදෙක් ගමන් පහසුව සැලසීම පමණක් බව වැඩි දෙනාගේ අදහසයි. එහෙත් ඉන් ඔබ්බට ගොස් ආචාර සමාචාර දැක්වීම්, කෙටි එහෙත් වටිනා සාකච්ඡා, නව මිත්‍ර සබඳතා ඇතිවීම ආදී වැදගත් දෑ බොහෝමයක් සෝපානයක් තුළ සිදුවූ බව ඒ පිළිබඳ ගැඹුරින් සිතීමේදී පසක් වනු ඇත. විශේෂයෙන්ම අවුරුදු ගණනක්, දශක ගණනක් සේවයේ යෙදෙන සෝපානයක් ගැන සිතීමේදී ඒ පසුපස ඇති කතාන්දරය අතිශය වටිනා එකක් බව වැටහෙනු ඇත.

එවන් පසුබිමක, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන බවර් සමාගම, වසර 80ක් පුරා තම පවුලේ සාමාජිකයෙකු බඳු වු ෂින්ඩ්ලර් සෝපානයට පසුගියදා සමුදුනි.
බවර් සමාගමේ සාමාන්‍යාධිකාරී – මිලදීගැනීම් සහ පරිපාලන ෂේන් පීටර්ස් මහතා, වසර 33ක් පුරා ස්විට්සර්ලන්තයේ ෂින්ඩ්ලර් සෝපාන සන්නාමයේ මෙරට නියෝජිතයින් වන ට්‍රේඩ් ප්‍රොමෝටර්ස් සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ අනෝමාල් ද සොයිසා මහතා සමඟ අවසාන වරට සෝපානය භාවිත කළේ ඊට හිමිවිය යුතු ගෞරවය සහ ආදරය ද නොඅඩුව පිරිනමමිනි. ඉන් අනතුරුව 2022 ජනවාරි 31 දින උදෑසන 10.38ට යෙදුණු සුබ නැකතට නවතම ෂින්ඩ්ලර් සෝපානයක් එහි ස්ථාපිත කෙරුණි.

පීටර්ස් මහතා 80 වස් වියැති මෙම සෝපානයට බෙහෙවින් ඇළුම් කළ සහ එය රැකබලාගත් අයෙකු වූ අතර ‘elevator whisperer’ ලෙස ද ඔහුව ආදරයෙන් ආමන්ත්‍රණය කිරීමට බවර් කාර්යමණ්ඩලය හුරුව සිටියේය. කෙසේ නමුත් මෙම 80 වස් වියැති ෂින්ඩ්ලර් සෝපානය විශ්‍රාම ගැනීමත් සමඟ පෙබරවාරි මාසය අවසානයේදී පීටර්ස් මහතා ද බවර් සමාගමේ වසර 24ක සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත ය. ඒ අනුව දැඩි බැඳීමකින් පසුවුණු බවර් සමාගමේ වටිනා සාමාජිකයින් දෙදෙනෙකුම සමුගැනීම සටහන් කර තිබේ.

ශ්‍රී ලංකාව ‘සිලෝන්‘ නාමයෙන් හැඳින්වුණු 1941 දී බවර් සමාගම මෙම ෂින්ඩ්ලර් සෝපානය මිලදී ගත් අතර, මෙරටට ගෙන්වන ලද පළමු ෂින්ඩ්ලර් සෝපානය වූයේ ද එයයි. වසර 80ක විශිෂ්ට සේවා කාලයක් නිමකළ මෙම සෝපානයට, තවත් වසර 80ක් සේවය කළ හැකිව තිබුණ ද, අමතර කොටස් සපයා ගැනීමේ සහ නඩත්තු සේවා දුෂ්කරතා නිසා මෙසේ සමුදීමට සිදුවිය.

දිනකට බිලියන එකහමාරක පමණ ජනකායක් එහා මෙහා ගෙනයන ලොව ප්‍රමුඛතම සෝපාන සන්නාමයක් වන ෂින්ඩ්ලර්, සහ බවර් සමාගම අතර ඇත්තේ දැඩි සබැඳියාවකි. සමාගම් දෙකම ස්විට්සර්ලන්තය සමඟ මුල් ඇදුණු, ස්විස් සම්ප්‍රදායන් සහ වටිනාකම් පෙරටු කරගත් සමාගම් වීම ද විශේෂත්වයකි. නවතම තාක්ෂණය සහ ආරක්ෂිත අංගෝපාංගවලින් සමන්විත අලුත් ෂින්ඩ්ලර් සෝපානය, බවර් සමාගම ද වසර 125ක සිය විප්ලවීය වර්ධනය සහ සාර්ථකත්වය මෙන්ම ඒ හා බැඳුණු විශ්වාසය, ගුණාත්මකභාවය හා නවෝත්පාදනය වැනි වටිනාකම් ද කැටුව ගමන් කරමින් සිටින නව මාවත පිළිබඳ ඉඟි සපයයි.

සේයා රූ :
බවර් සමාගමේ සාමාන්‍යාධිකාරී – මිලදීගැනීම් සහ පරිපාලන ෂේන් පීටර්ස් මහතා (වමේ), ට්‍රේඩ් ප්‍රොමෝටර්ස් සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ අනෝමාල් ද සොයිසා මහතා සමඟ අවසාන වරට සෝපානය භාවිත කළ ආකාරය
බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා (වමේ) පීත්ත පටිය කපමින් නව ෂින්ඩ්ලර් සෝපානය විවෘත කළ අයුරු

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan