ලන්සා දැඩි කළකිරීමෙන් – ජනපති හමුවීමත් ප්‍රතික්ෂේප කරයි

Date:

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නිමල් ලන්සා මහතා තීරණය කර ඇති බව ඊයේ වාර්තා විය. ඔහු මේ වනවිට සිය අමාත්‍යංශ කාර්යාලයේ තිබූ බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇති බවයි වාර්තා වී තිබුණේ.

නිමල් ලන්සා මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බව ප්‍රචාරය වීමත් සමග ආණ්ඩුව තුළ දැඩි කැළඹීමක් ඇතිව තිබෙනවා. ඊට එක් හේතුවක් වන්නේ ලන්සා මහතා ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේද සමීපතමයෙකු වීමයි.

මතුව ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තමා හමුවීමට පැමිණෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිමල් ලන්සා මහතාට දන්වා ඇති අතර කෙසේ නමුත් ඔහු එයද ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වනතෙක් ඔහු ජනාධිපතිවරයා හමුවීමට එකඟතාවය පළකර නොමැත.

මේ අතර ලන්සා මහතා ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

පසුගිය ජනවාරියේදී සිදු කිරීමට නියමිතව තිබූ කැබිනට් සංශෝධනයේදී නිමල් ලන්සා මහතාට මහාමාර්ග අමාත්‍ය ධුරය ලබාදීමට පොරොන්දු වී තිබූ අතර කෙසේ නමුත් ඔහු එයද ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම වසරට අදාලව අමාත්‍යංශයේ ඉදිරි සැළසුම් සියල්ල සකස් කර සියලු කොන්ත්‍රාත් ද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් ඔහුට අවශ්‍ය පුද්ගලයන්ට ලබා දී ඇති හෙයින් කැබිනට් අමාත්‍ය ධුරයෙන් කිසිදු ඵලක් නොමැති බව නිමල් ලන්සා මහතා පවසා තිබෙනවා.

ලන්සා මහතාගේ කළකිරීමට හේතුව සිය රාජ්‍ය අමාත්‍යංශයට ප්‍රමාණවත් බලතල සහ ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන වෙන් නොකිරීමයි. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර සඳහා රාජ්‍ය අමාත්‍යංශයට වෙන්කර ඇති මුල්‍ය ප්‍රතිපාදන අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් කප්පාදු කර තිබෙනවා.

මීට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු දිගින් දිගටම ප්‍රමාද කිරීමද ඇමතිවරයාගේ කළකිරීමට හේතු වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...