ෂෙහාන් මාලක අත්අඩංගුවට ගත්තෙ නීතිපති උපදෙස් මත – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සමාජ ක්‍රියාකාරී ෂෙහාන් මාලක මහතා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මහත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පසුගිය වසරේ අගෝස්තු 17 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ෂෙහාන් මාලක මහතා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ බවයි. ඉන් අනතුරුව එම විමර්ශනයට අදාල ලිපිගොනු නීතිපති උපදෙස් සඳහා යොමුකර තිබේ.

එම ලිපිගොනු අධ්‍යයනය කළ නීතිපතිවරයා, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ ෂෙහාන් මාලක මහතා වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජනවාරි 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ෂෙහාන් මාලක මහතා පසුව දැඩි කොන්දේසි යටතේ ඇප මත නිදහස් කෙරිණි. එම ඇප කොන්දේසි අනුව අධිකරණයේ අවසරයක් නොමැතිව ඔහුට රටින් පිටව යාමට නොහැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...