සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 16 කොළඹ (LNW): ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන පියුම් හස්තික නොහොත් පියුමා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර ලබාදී ඇති බව තොරතුරු වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණු අතර, පියුමා සලිදු ලක්ෂිත නොහොත් කුඩු සලිඳුගේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැලකෙන බවද සඳහන් වේ.