වසර 60කට පසු කොංගෝවට ගංවතුර: මියගිය සංඛ්‍යාව 221 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය වසරේ අග සිට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජට බලපෑ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොංගෝ ගඟ පිටාර යාම නිසා විශාල ගංවතුර උවදුරක් ඇතිව ඇති බව වාර්තා වේ.

වසර 60කට පසු ඇතිවූ ගංවතුර හේතුවෙන්, 500,000කට අධික පිරිසක් අවතැන්ව තිබේ.

කොංගෝ බලධාරීන් සහ වෛද්‍ය පුණ්‍යායතනය වන Médecins පවසන පරිදි, කොංගෝවේ පළාත් 26න් 16ක්ම ගංවතුරෙන් යටව ඇති අතර , අවම වශයෙන් පුද්ගලයින් 221 දෙනෙකු මිය ගොස්, නිවාස දස දහස් ගණනකට හානි සිදුවී ඇති බවයි.

අධික වනාන්තර විනාශය ද අධික වර්ෂාපතනයේ බලපෑම නරක අතට හැරීමට බලපා ඇති අතර ග්ලෝබල් ෆොරස්ට් වොච්ට අනුව, 2022 දී බ්‍රසීලයෙන් පසු ලෝකයේ දෙවන ඉහළම ගස් වැසීමේ අනුපාතය කොංගෝවේ සිදු වී ඇත.

මේ වන විටත් රට තුළ පවතින යුද්ධය හේතුවෙන් පිඩාවට පත්ව ඇති කොන්ගෝ වැසියන්ට ගංවතුර උවදුර මාරු පහරක් බවට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...