වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...