රුසියානු විපක්ෂ දේශපාලනඥයා ඇලෙක්සි නවාල්නි සිරගෙදරදී මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරගතව සිටි රුසියානු විපක්ෂ දේශපාලනඥයා ඇලෙක්සි නවාල්නි මියගොස් ඇති බව රුසියානු බන්ධනාගාර සේවය නිවේදනය කර තිබේ.

ජනාධිපති පුටින්ගේ සෘජු විවේචකයෙකු වන නවාල්නි 2021 අන්තවාදී සංවිධානයක් ආරම්භ කිරීම සහ අරමුදල් සැපයීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර, ඔහු එය ප්‍රතික්ෂේප කළමුත් චෝදනා ඔප්පුවිම හේතුවෙන් ඔහුට අමතර වසර 19ක සිර දඬුවමක් නියම විය.

ඔහුට ඒ වන විටත් වරප්‍රසාද කඩකිරීම්, වංචාව සහ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර නවයක සිර දඬුවම් නියම වී තිබුණි.

නවාල්නිගේ මරණයට හේතු මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් ව්ලැඩිමීර් පුටින් වගකිය යුතු බවත්, නවාල්නි දූෂණයට එරෙහි ඇදහිය නොහැකි තරම් නිර්භීත සටන්කරුවෙකු බවත් එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...