*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අධ්‍යාපනයේ බෙදීම නැති කර ස්මාර්ට් රටක් කරා යන ගමනේ 100 වැනි අදියර අපි පසු කළා – විපක්ෂ නායක සජිත්

වර්තමානයේ අධ්‍යාපනයේ බෙදීමක් ඇති බවත් සමාජ සාධාරණත්වය, යුක්තිය සම මට්ටම ගැන කතා කර අධ්‍යාපනයේ අවස්ථා දූදරුවන්ට අහිමි කර කර නිදහස් අධ්‍යාපනයේ වෙනසක් නොවිය යුතු බවට පවසන ඇතැම් පුද්ගලයන්ගේ දරුවන් විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාවලට යන බවත් තමන්ගේ දරුවන්ට සුපිරි අධ්‍යාපනයක් ලබා දී 41 ලක්ෂයක් දූදරුවන් දෙවැනි පන්තියේ අධ්‍යාපනයක් ලබා දී තමන්ගේ දරුවන් ඉහළට ගෙන ඒමේ කුහකත්වයක් ඊර්ෂයා සහගත බවක් දක්නට ලැබෙන බවත් මේ සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි ශක්තියක් ලබා දෙන්නේ බස්නාහිර පළාත වුවත් බස්නාහිර පළාතේ රජයේ පාසල්වල දරුවන් ලොව දිනන නව තාක්ෂණය ගැන ලොකු දැනීමක් නොමැති වුවත් පෞද්ගලික පාසල්වල දරුවන්ට එම දැනුම පවතින බවත් මෙම අධ්‍යාපනයේ බෙදීම නැති කළ යුතු බවත් මෙය පන්ති බෙදීමක් බවට පත්ව ඇති බවත් ලොකු ලොක්කන්ගේ දරුවන්ට සුපිරි අධ්‍යාපනයක් ලබා දුන්නත් නිදහස් අධ්‍යාපනය තවමත් එකම තැන පල් වෙමින් පවතින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සක්වල වැඩසටහනේ 100 වැනි අදියර යටතේ බොරලැස්ගමුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට ඊයේ (16) එක්වෙමිනි.

මොන විවේචන ආවත් සක්වල සහ හුස්ම වැඩසටහන් නවත්වන්නේ නැහැ

සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් විවිධ දේවල් බෙදා දෙන්නේ ජනතාවගේ සුඛවිහාරණය වෙනුවෙන් බවත් මෙසේ භාණ්ඩ ලබා දීම විවේචනය කරන්නේ ඒ සෑම දෙයක්ම ඇති පුද්ගලයන් බවත් මොවුන්ට ජන දුක නොතේරෙන බවත් ඔවුන් සුපිරි මන්දිරවල සිට මෙම සක්වල හා හුස්ම වැඩසටහන් විවේචනය කළත් මේ වැඩසටහන් කිසිදු ආකාරයකට නතර නොකරන බවත් මේ සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක කරන්නේ විද්‍යාත්මකව දත්ත කේන්ද්‍රීයව බවත් මේ රට සුහුරු රටක් බවට පත් කිරීම සිය සිහිනය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සුහුරු පක්ෂයක් බිහි කිරීමෙන් සුහුරු රටක් බිහි කළ නොහැකි බවත් සුහුරු රටක් බිහි කළ හැක්කේ සුහුරු අධ්‍යාපනයෙන් බවත් මේ යථාර්ථය සැවොම අවබෝධ කර ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අධ්‍යාපනයේ මානව සම්පත ආරක්ෂා කිරීමේ සිට සියලු අංශවල වෙනසක් සිදුවිය යුතු බවයි.

රජයට බැරි වුන දේ විපක්ෂයේ අපි ඉටු කළා

පාසල් වලට සුහුරු පන්ති කාමර ස්මාර්ට් බෝඩ් ලබා දෙන්න රජයට මුදල් නොමැති වුවත් බලයක් නොමැති විපක්ෂය ඒ කර්තව්‍ය මේ වන විට ඉටු කර අවසන් බවත් මෙම වැඩසටහන කුමන බාධා පැමිණියත් ඉදිරියටත් අඛණ්ඩව සිදු කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

76 වසරක දේශපාලන ඉතිහාසයත් වෙනස් කළා

76 වසරක දේශපාලන ඉතිහාසය තුළ කිසිදු විපක්ෂයක් සිදු නොකළ දෙයක් සමගි ජන බලවේගය පසුගිය වසර 5 සිදු කළ බවත් පසුගිය කාලයේ සිටි කිසිදු නායකයෙක් විපක්ෂයේ සිටින විට සිදු නොකළ වැඩ කොටසක් සමගි ජන බලවේගය සිදු කළ බවත් සමගි ජන බලවේග රජයක් තුළ රජයේ පාසල් සියල්ලක්ම පාහේ සුහුරු පාසල් බවට පත් කරන බවත් ඒ සිහිනය කරා යාම සමගි ජන බලවේගය මේ වසර අවසානයේ සිටම ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 100ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 992ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan