රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ (LNW):
2025 වසරේ 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම අපේක්ෂාව බව 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද පෙරවරු 10.30 ට, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආරම්භ කළේය.
අයවැය කතාව ඉදිරිපත් කරමින් , 2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බවත්, සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා පවසා සිටියේ ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාව අරඹමින් ප්‍රකාශ කළේ දූෂිත පාලනය, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති සහ වගකීම් විරහිත පාලනය , රට මුහුණ දුන් අර්බුදයට හේතුව බවයි.
ජනාධිපතිවරයාා ප්‍රකාශ කළේ , ජනතාවට පෝලිම්වල මිය යාමට සිදුවූයේ එම හේතු නිසා බවත්, 2022 ආර්ථික අර්බුදය නිසා දුප්පත් ජන කණ්ඩායම් අන්ත අසරණ වූ බවද ජනාධිපතිවරයා පැවසීය.
සමාජ ආර්ථික පදනමක් සකසන මේ අයවැය ඓතිහාසික අතර ආර්ථිකය ස්ථාවර කිරීමටත් ජාත්‍යන්තරය සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමටත් ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමටත් අප සමත් වී තිබෙන බවත්, විදෙස් මුදල් සංචිත ඩොලර් බිලියන හයයි දශම එකක මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබුණු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ආර්ථික න්‍යාය පත්‍රය අප විසින්ම සකසාගෙන ආර්ථික ස්වෛරීත්වය ලං කර ගත යුතු බවත්, අනාගතයේදී ණය ආපසු ගෙවීම නැවත ඇරඹීමට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟන බවද ඒ මහතා ප්‍රකශ කළේය.
” ආර්ථිකය අර්බුදය විසින් පහළ ස්තරයට ඇතිවී තිබෙන බලපෑම තවම අවසන් වී නැහැ. ජනතාවගේ මූර්ත වැටුප අඩුවී ඇති බැවින් සාධාරණ වැටුප් වැඩි වීමක් ලබාදිය යුතුව තිබෙනවා.පුරවැසියන් රැකබලා ගැනීම මානුෂීය රජයක වගකීමක්.2025 දී සියයට 5ක ආර්ථික වර්ධනයක අපේක්ෂා කරනවා.ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලි සහනාධාරය සඳහා ජුලි මාසයේ සිට මුදල් වෙන්කර තිබෙනවා.අස්වැසුම සඳහා අප මුදල් වැඩි කර තිබෙනවා.මෙවර අය වැයෙන් ප්‍රමුඛ කාර්ය සඳහා මුදල් වෙන්කර තිබෙනවා ප්‍රාග්ධන වියදම් සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක්…
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීම, ගුණාත්මකව , සාධාරණව ජනතාවට ලබා දෙනවා.කර්මාන්ත සහ සේවා කෘෂිකර්මාන්තවල නිෂ්පාදනය වැඩි කරනවා….දේශීය ව්‍යවසායන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරි ගන්නවා…..සාමූහික විනයකින් සහ දැඩි අධිෂ්ඨානයකින් යුතුව ඉදිරියට යන විට ඉක්මනින් ප්‍රතිලාභ රටට ලැබේවි…තරඟකාරී වෙළඳපොළ අනුව මිල නියම කිරීම ඇතැම් ක්ෂේත්‍ර සඳහා නියාමනයක් කිරීම….දූෂණ විරෝධී ක්‍රියාවලිය අපේ ප්‍රධාන අංගයක්….ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම අත්‍යවශ්‍යයි..යහපත් ආණ්ඩුකරණය සඳහා ප්‍රතිසංස්කරණ ඇති කිරීම…අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා…දරිද්‍රතාවයේ අඛන්ඩ අඩුවීමක් අපේක්ෂා කරනවා…
නව තීරු බදු නිර්මාණය කිරීමට බලාපොරොත්තු වනවා. දිළිඳු ජන කොටස් සවිබල ගැන්වීම පළමු පියවරයි ඇමරිකා ඩොලර් බිලියන 19 අපනයන ආදායමක් මේ වසරේ බලාපොරොත්තු වෙනවා.ජාතික තනි වෙළඳ රාමුවක් ….නව රේගු පනතක් …ආර්ථික පරිවර්තන පනත සංශෝධනයට පියවර…ණය ගෙවීම සඳහා හැකියාව ලැබෙන ආර්ථික තත්ත්වයක් අප ගොඩනගනවා. 2028 දී අප ණය ගෙවීම අරඹනවා. ප්‍රාථමික ගිණුමේ දෙකයි දශම තුනක අතිරික්තයක් පවත්වා ගන්නවා විනීමය අනුපාත තවදුරටත් අධික උච්ඡාවචනයට ලක් නොවන ක්‍රියාවලියක් සකසනවා.
බිම් සවිය වැඩසටහන කඩිනමින්..ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් සඳහා රුපියල් මිලියන 750ක්..රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය වෙනුවෙන් නව පනතක්..සියලු පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පතක්..වරාය තදබදය දිගුකාලීන විසඳුම සඳහා අප කටයුතු කරනවා රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් අපට අවශ්‍යයි.එහි අපේ සිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 750ක් මේ වසර සඳහා වෙන් කරනවා..
ඩිජිටල් ආර්ථික අධිකාරියක් වෙනුවෙන් නව නීති..වරාය තදබදය වැලැක්වීම වෙනුවෙන් දිගු කාලීන විසඳුමකට රු මි 500ක්..වරායේ බහලුම් කළමනාකරන කාර්යක්ෂම කිරීමට රුපියල් මිලියන පන්සීයක් වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් අංගනයක් ස්ථාපිත කරනවා.සංචාරක කර්මාන්තය වෙනුවෙන් දේශීය ගමනාන්ත සංවර්ධනය කිරීමට පියවර – එහි යටිතල පහසුකම් සංවර්ධනයට රු මි 500ක්..සංචාරක ක්ෂේත්‍රයේ සඳහා ඩිජිටල් ටිකට් පත්‍ර ක්‍රමයක් ..කොළඹ වරායට සහ කටුනායක ගුවන් තොටුපොළට සඳහා නව පරිලෝකන වෙනුවෙන් රු බිලියනයක්…
මුදල් නෝට්ටු භාවිත කිරීමෙන් ක්‍රමයෙන් ඉවත් විය යුතුයි. අප ඩිජිටල් ගෙවීම් ශක්තිමත් කරනවා. ඒ සඳහා අවශ්‍ය වන නීති ක්‍රමයෙන් ශක්තිමත් කරනවා.ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය වේගවත් කිරීමට රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා. ඩිජිටල් ආර්ථිකය ජාතික ආර්ථිකයෙන් සියයට දොළහක මට්ටමට ලඟා වීම අරමුණයි.වාර්ෂික තොරතුරු තාක්ෂණ ආදායම ඩොලර් බිලියන පහ දක්වා වැඩි කිරීමට පියවර..සංවර්ධන බැංකුවක් කඩිනමින් ස්ථාපිත කිරීම – ණය ඇපකර සඳහා රජයේ සහාය..බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ දෙවන පර්යන්තයේ ජපන් ආධාර මත කඩිනමින් අරඹනවා..
පර්යේෂණ හා නව සොයා ගැනීම් වාණිජකරණය සඳහා රුපියල් මිලියන දහසක්…ජනපති, මැති ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොදා ගැනීමට කමිටුවක්…නව සොයා ගැනීම හා පර්යේෂණ වාණිජකරණය කිරීම සඳහා නවෝත්පාදන හා නව නිපැයුම් අරමුදලක්…අධික වියදම් දරන රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසියට…කාන්තාවන් වෙනුවෙන් වැඩසටහන් සඳහා රු මි 720ක් …සෞඛ්‍ය අංශය ඩිජිටල්කරණයට – වයස්ගත ජනතාව වෙනුවෙන් විශේෂ සේවා…ගැබිණි මාතාවන්ට පෝෂ්‍යදායි ආහාර වේල් සඳහා රු මි 7500 ක්…..ත්‍රී පෝෂ වැඩසටහන වෙනුවෙන් රු මි 5000ක් ජනාධිපතිවරයා දීර්ඝ ලෙස විස්තර කළේය.
තවද, රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බවත්, මහජන නියෝජිතයින්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතියම සමාලෝචනය කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ඒ අනුව ලක්ෂ 10ට පැවති රක්ෂණය රුපියල් ලක්ෂ 2 හමාරට දක්වා අඩුකරන බව ද පැවසු ජනාධිපතිවරයා පැවසීය.වියදම් කළමනාකරණයේ දී දේශපාලන නායකයින් ලෙස රටට ආදර්ශයක් ලබාදීමට ඇමති මණ්ඩලය, අමාත්‍යවරු 21කට සීමා කළ බවත්, රජයේ වියදම් අඩු කරමින් අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් තාර්කීකරණය කර ඇතැයි ද කියා සිටියේය.
“මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන්නෙත් නෑ. මේ අවුරුද්දේ වාහනත් නෑ. අයවැයෙන් මුදල් වෙන්කරලා නෑ. ඒක දරාගන්න බෑ” යැයිද ජනාධිපතිවරයා පැවසීය,
ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු සම්බන්ධයෙන් වෙන් කළ පොදු සම්පත් ඵලදායි ලෙස මහජන සංචිතයට යොමු කිරීමට කමිටුවක් දැනටමත් පත්කර ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය. අධික නඩත්තු වියදම් දැරීමට සිදුවන රජයේ සියලු සුඛෝපභෝගි වාහන මාර්තු මාසයේ වෙන්දේසි කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.තෝරාගත් රජයේ නිලධාරීන්ට සුදුසු මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සඳහා වු අධික වියදම් අවම කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
