අයවැයෙන් මැති ඇමතිවරුන්ට රතු එළි!

Date:

කොළඹ LNW:රාජ්‍ය වියදම් කළමනාකරණය මූලික කරගනිමින් මහජන නියෝජිතයින්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතියම සමාලෝචනය කිරීමට තීරණය කර ඇති බව අයවැය කතාව සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඒ අනුව ලක්ෂ 10ට පැවති රක්ෂණය රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා අඩුකරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

“මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන්නෙත් නෑ. මේ අවුරුද්දේ වාහනත් නෑ. අයවැයෙන් මුදල් වෙන්කරලා නෑ. ඒක දරාගන්න බෑ” යනුවෙනුයි ජනාධිපතිවරයා මැති ඇමති ප්‍රතිපාදන ගැන කියමින් තවදුරටත් පැවසුවේ.

ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු සම්බන්ධයෙන් වෙන් කළ පොදු සම්පත් ඵලදායි ලෙස මහජන සංචිතයට යොමු කිරීමට කමිටුවක් දැනටමත් පත්කර ඇති අතර අධික නඩත්තු වියදම් දැරීමට සිදුවන රජයේ සියලු සුඛෝපභෝගි වාහන මාර්තු මාසයේ වෙන්දේසි කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

තෝරාගත් රජයේ නිලධාරීන්ට සුදුසු මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සඳහා වු අධික වියදම් අවම කිරීමටද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගමනික ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්!

කොළඹ LNW:විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින සමීප...

ධර්මෙගේ ඇඟිළි ගැහිල්ල අධාර්මික වැඩක් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: මේ මොහොතේ ක්‍රියාත්මක එංගලන්තය සහ...

අවුරුදු 19 න් පහළ ජාතික තරගාවලියේ පලදාව ඔස්ට්‍රේලියාවට එරෙහිව…?

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත...

අශෝක ජයතුංග e කොළම.

🍎ජනපති හා ආණ්ඩුව මෙන්ම ඇමෙරිකන් මහින්දගේ බදු මෙහෙයුම.?🍎බදු සාකච්ඡා...