*
Monday, September 30, 2024
spot_img

Latest Posts

පැරදුණාට වඩා හොඳ විදිහකට පරදින්න තිබුණා

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකාව ලැබූ පළමු පරාජය වාර්තා වුණේ ඕස්ට්‍රේලියාවට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් හිමිවෙමින්.තරගයේ පරාජය හරියට අධ්‍යයනය කරන්නේනම් එය ශ්‍රී ලංකාවට ඉගෙන ගන්න පාඩම් රැසක් ඇති තරගයක්.
ශ්‍රී ලංකාව පන්දුවට පහර දිමේදී මේ මොහොතේ ඔවුන් සතුව සිටින ලකුණු අතර සිටින පිතිකාරිණියන් යොදා ගැන්මේදී දුර්වලතාවයක් නොදැක් වූවානම් තත්ත්වය මීට වඩා යහපත් වන්නට තිබුණා.අප නිරන්තරයෙන් පවසන පරිදි චමරි පිතිකරණ නාමාවලියේ පහතට ඒම වැදගත් යන්න මෙහිදී ද දැක ගන්නට ලැබුණා.ඇය මෙන්ම ඉන් අනතුරුව බංගලාදේශ තරගයේදී හර්ෂිතාට අපූරු සහයක් දෙමින්,ඇයව මෙහෙයවමින් පන්දුවට පහර දුන් නිලක්ෂි ද සිල්වා කිසිඳු තර්කයක් නොමැතිව මේ තරගයේදි අංක හය ස්තානය දක්වා පහතට ගෙන ආවා.


නිලක්ෂි දෙවන කඩුල්ල දැවිමෙන් පසුව පිටියට ආවානම් ඒ පැමිණීම සටහන් වන්නේ 14 වන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදි සිටයි.නමුත් ඒ මොහොතේ යම් යහපත් ලකුණු මට්ටමක කඩුලු අතැතිව සිටියදී ඕෂධී රණසිංහ පිටියට එවූ අතර ඇයට පන්දු හතරකට මුහුණ දී ලකුණු නොලබා දැවී යන්නට වෙනවා.ඉන් පසුවත් නිලක්ෂි වෙනුවට තේරීම වූයේ අනුෂ්කා සංජීවනීයි.මේ නිස නිලක්ෂිගේ පිටියට පැමිණීම සිඳු වන්නේ 17 වන පන්දු ඕවරයේ සිව්වැනි පන්දුවේදි යි.

පන්දු 21 තිබියදී පිටියට පිවිසෙන නිලක්ෂිට මුහුණ දෙන්නට ලැබෙන්නේ පන්දු හතකට පමණයි.ඇය එයින් 214.28% ප්‍රහාරක වේගයක් සමඟ ලකුණු 15 ක් නොදැවී ලබා දෙනවා.ඇය සුපුරුදු පරිදි දෙවන කඩුල්ල දැවුණ පසු පිටියට ආවේනම් ඇයට මුහුණ දෙන්නට පන්දු 33 ක් ලැබෙනවා.සමහර විට එසේ වුවා නම් ලකුණු පූවරුව ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට දරන්නට පුළුවන් මට්ටමට ලකුණු 140 ක් පමණ දක්වා ඉහළ යන්නටත් තිබුණා.
කෙසේ නමුත් හර්ෂිතා තමන් ලකුණු අතර සිටින බව තහවුරු කරමින් ලකුණු 34 ක් ලැබීමත්,විශ්මි ලකුණු 24 ක් ලැබීමත් ශ්‍රී ලංකාවේ ඉදිරි තරගයට වාසිදායක තත්ත්වයක්.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉණිම ආරම්භ කළේ ලොව සිටින හොඳම ආරම්භක පිතිකාරිණියන් යුවලක් වන ඇලීෂා හීලි සහ බේත් මූනි යි.ඔවුන් කිසිවෙක් නොදැවී ජයග්‍රහණය කරා ඕස්ට්‍රේලියාව රැඟෙන ගියත් ලකුණු ලැබීමට විටින් විට හොඳ තර්ජනයක් එල්ල වුණා.මුල් ඕවර් 5 තුළ ලකුණු ලැබුණු අවස්ථා මෙන්ම ලකුණු ලබා ගැනීමේ දුෂ්කරතාවලට ද ඕස්ට්‍රේලියා පිතිකාරිණියන් මුහුණ දුන්නා.එවැනි තත්ත්වයක හයවන පන්දු ඒවරය ඉනෝකා රණවීර අත තැබුවානම් පීඩනය වැඩි වෙන්නට තිබුණා.නමුත් ඒ වන විට පන්දුවට පහරදීමේ දි හය සහ හතර පමණක් විශ්වාසය තබා සිටීම අනුවණකමක් යැයි සිතූ පිතිකාරිණියන් දෙදෙන රණවීර වෙනුවට ගෙන ආ අචිනි කුලසූරියගේ පන්දු ඒවරයට කෙටි ලකුණුවලින් අටක් එකතු කර ගත්තා.



කඩුලු අතර දිවිම මෙන්ම පන්දුව දැකීමේ සහ ලකුණු වේගය සුරක්ෂිතව තිබීමේ වාසිය තේරුම් ගත් ඕස්ට්‍රේලියා පිතිකාරිණියන් දෙදෙන කෙටි ලකුණු මෙන්ම මද දුර්වලතාවයක් දුටු සැනින් හතරේ පහර සොයා යාමත් අපූරුවට සිඳු කළා.හීලිගේ පිත්තෙන් ඒ අතර පන්දු යැවූ කුලසූරියගේ හිසට ඉහළින් කෙළින් එල්ල කළ මනරම් හයේ පහරක්ද වාර්තා වුණා. ඇය පන්දු 43 න් නොදැවී ලබා ගත් ලකුණු 53 මෙන්ම සිය ඥාති මාමා වූ ඉයන් හීලී මෙන්ම කඩුල්ල පිටුපස සිට ලබා ගත් අපූරු ස්ටම්ප්ස් තුන නිසාත් තරගයේ විරවරිය වූවා.ඇය එසේම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ඨ වේග පන්දු යවන්නා මිචෙල් ස්ට්‍රැක්ගේ බිරිඳ ද වෙනවා.
තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි.

https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-2022-23-1338037/australia-women-vs-sri-lanka-women-11th-match-group-1-1338050/full-scorecard
ශ්‍රී ලංකාව 19 වන දින පළමු වටයේ අවසාන තරගය ලෙස නවසීලන්තය හමුවීමට නියමිතය.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan