එදා මෝඩි එද්දී කළු කොඩි දාපු අය, අද ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න උත්සව තියනවා – සජිත් (VIDEO)

Date:

ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරුන් ගොස් උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව උත්සවාකාරයෙන් පිළිගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සාමාන්‍යයෙන් උත්සවයක් පවත්වන්නෙ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා ගම් උදාව, මහවැලි සංවර්ධන ව්‍යාපාරය, ඇඟලුම් කම්හල් දෙසීය වැඩසටහන, දරුවන්ට නිල ඇඳුම් බෙදා දීම වැලි කටයුතු වෙනුවෙන් උත්සව පවත්වනු ලැබූවත් මේ ආණ්ඩුව ණයට ලැබුණු ඩිසල් නැවක් පිළිගැනීමට පළමු වතාවට උත්සවයක් පැවැත් වූ බව ද පෙන්වා දුන්නේය.

දෛවයේ සරදම වන්නේ, තම ඉල්ලීමට අනුව ඉන්දියාවේ ණය ආධාර යටතේ ඉකුත් කාලයේ සෑදූ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමට මෝඩි අගමැතිතුමා ලංකාවට පැමිණෙද්දී එදා කළු කොඩි දාන්නැයි කියූ ඇමතිවරුන්ම මෙදා ණයට ලැබුණු තෙල් නැව පිළිගැනීමට යාමට වීම බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

ඒකාන්තවම තවත් දින කිහිපයක් යන්න කලින් නැවත වතාවක් තෙල් මිල ඉහළ දාන බව පැවසූ විපක්ෂ නායකවරයා, එය මේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල ඉහළ යාම විය හැකි යැයි ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 45වන පියවර ලෙස රුපියල් විසිනව ලක්ෂ අනූදහසක් (රු. 2,990,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ඊයේ (16) කල්මුණේ රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව,

• රුපියල් 1,200,000 වටිනා Highflow Therapy Machine යන්ත්‍ර 2ක්
• රුපියල් 295,000 වටිනා Multipara Monitor යන්ත්‍ර 2ක් මෙලෙස පරිත්‍යාග කළේය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 44ක් තුල ලක්ෂ 1222 (රුපියල් 122,232,500) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...