පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම : හේමසිරි සහ පූජිත් නඩුවලින් නිදහස් වන ලකුණු !

Date:

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් වන ලකුණු පහළ වී ඇති බව නීති විශාරදයින් පවසයි.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම සිද්ධියට අදාළව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට වෙන වෙනම නඩු පවරා තිබුණු අතර එක් එක් විත්තිකරු වෙනුවෙන් අධිචෝදනා 855 බැගින් ගොනු කර තිබිණි.

ඔවුන්ට එම අධිචෝදනා භාරදීම 2021 ඔක්තෝබර් මාසයේදී සිදුකෙරුණු අතර පසුගිය ජනවාරි මාසය දක්වා පැමිණිල්ලේ සාක්ෂි විභාග කෙරිණි. ඒ අනුව පසුගිය ජනවාරි 19 වනදා පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කෙරුණු අතර විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන්නේද යන්න පිළිබඳ තීරණය හෙට (18) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබුණු චෝදනා කිසිවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට ඔවුන් අපොහොසත්ව ඇති නිසා හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර මහතා මෙම නඩු දෙකෙන් නිදහස් කිරීමට ඉහළ සම්භාවිතාවක් ඇති බවයි නීති විශාරදයින් පෙන්වා දෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...