වාර්තාගත ඉන්ධන මිල ඉහළ දැමීමකට සූදානම් වෙන්න – ගම්මන්පිල

Date:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා ඇති මිල ඉහළ දැමීම ක්‍රියාත්මක කළහොත් එය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ යාම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ප්‍රෙටල් ලීටරයක මිල රුපියල් 192 දක්වාත් ඩීසල් ලීටරයක මිල රුපියල් 169 දක්වාත් මිල වැඩි කිරීමටයි තෙල් සංස්ථාව යෝජනා කර තිබෙන්නේ.

මෙම යෝජනාව බලශක්ති අමාත්‍යවරයා වෙත මෙන්ම මුදල් අමාත්‍යවරයා වෙත ද යොමුකර ඇති අතර කෙසේ නමුත් මේ දක්වා අදාල මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර නොමැත.

බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ තෙල් සංස්ථාව ඉල්ලා ඇති මිල සංශෝධනය අතිශය සාධාරණ බවයි. මේ වනවිට තෙල් සංස්ථාව දැඩි අලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර ඩීසල් මෙන්ම පෙට්‍රල්ද අලෙවි කරන්නේ දැවැන්ත පාඩුවක් ලබමිනි. මීට අමතරව ලෝක වෙළඳපොලේද ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය මත තෙල් සංස්ථාව ලබන පාඩුව තවත් ඉහළ ගොස් ඇති බවත් ඇමතිවරයා පවසනවා.

කඩිනමින් මිල සංශෝධනයක් සිදු නොකළහොත් තෙල් සංස්ථාව කඩාවැටීමේ අවදානමක් මතුව ඇති බව එහි සභාපතිවරයා පවසනවා. ඉල්ලා ඇති මිල සංශෝධනය ලබා නොදෙන්නේ නම් මගී ප්‍රවාහන සේවා, විදුලි නිෂ්පාදනය, ත්‍රිවිධ හමුදාව ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට සිදුවන බවද සභාපතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...