ඉරානයේ හිටපු ජනාධිපති අහමදිනෙජාඩ් මරුට

ඉරානයේ හිටපු ජනාධිපතිවරයකු වූ මහමුද් අහමදිනෙජාඩ් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊසානදිග ටෙහෙරානයේ ‘නර්නැක්’ (Narnak) ප්‍රදේශයේ පිහිටි අහමදිනෙජාඩ් මහතාගේ නිල නිවසට පෙරේදා (28) එල්ල වූ ඇමරිකානු – ඊශ්‍රායල ප්‍රහාරයකින් ඒ මහතා සහ ඔහුගේ ආරක්ෂකයින් කිහිපදෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

2005 – 2013 සමයේ ඉරානයේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අහමදිනෙජාඩ් මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු, ඔහුව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් ‘උපායමාර්ගික උපදේශක මණ්ඩලයේ’ සාමාජිකයකු වශයෙන් පත්කර තිබිණි.

මියයන විට ඔහු 69 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකාවේ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉරාන ආධාර ලබාදුන්නේ අහමදිනෙජාඩ් මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...