තව සති දෙකකින් ශ්‍රී ලංකාවෙන් තෙල් මිලේ ලෝක වාර්තාවක්! (VIDEO)

0
397

ඉදිරි සති දෙක ගත වන විට ලොව තෙල් ලීටරයකට අය කරන වැඩිම මිල මෙරටින් වාර්තා වන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

එදා යහපාලන ආණ්ඩුව විසින් හඳුන්වා දුන් තෙල් මිල සූත්‍රය ද විසිකර දමා රටේ ජනතාවට සහන දෙන බව පැවසූ වත්මන් ආණ්ඩුව දැන් පවතින අර්බුදය හමුවේ මිල සූත්‍රයක් යෝජනා කර තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම පසුගිය කොරෝනා සමයේ පැවති තෙල් මිලේ වාසියද ජනතාවට නොදී එම බදු මුදල්ද එකතු කරගෙන දැන් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල උච්චාවචනය නිසා තෙල් මිල ඉහළ දැමිය යුතු වන බව ද ආණ්ඩුව පවසමින් සිටින බව අත්තනායක මහතා කියා සිටියි.

ඒ අනුව තෙල් මිලෙහි වැඩි වීමක් සිදුවුවහොත් ඒහා සමාන සේවාවන් හි සියලුම අයකිරීම් වැඩිවනු ඇති බවයි හෙතෙම අවධාරණය කරන්නේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here