කැන්ගරුවන්ගෙන් සහනයක් – ප්‍රබල ක්‍රීඩකයන් විවේක ගන්වයි

0
425

තරග 05 කින් සමන්විත ඔස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා 20/20 තරගාවලියේ සිව්වැනි තරගය හෙට පැවැත්වේ. පළමු තරග තුනම ජයගත් ඔස්ට්‍රේලියාව මේ වනවිටත් තරගාවලියේ ජයග්‍රහණය අත්පත් කරගෙන සිටී.

මේ නිසා සිව්වැනි තරගයේදී ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකු විවේක ගැන්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කළමානාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව මිචෙල් ස්ටාර්ක්, ජොෂ් හැස්ල්වුඩ්, පැට් කමින්ස් හෙට තරගය සඳහා ක්‍රීඩා නොකරන බවයි නායක ඒ්රන් ෆින්ච් පවසන්නේ.

මාර්තු මාසයේදී දිගු තරග සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව පකිස්තානයට පැමිණීමට නියමිත අතර මේ නිසා මෙම ක්‍රීඩකයන් තිදෙනාට විවේකයක් ලබාදීමට තීරණය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් තුෂාර සහ රමේෂ් මෙන්ඩිස් ආබාධවලට ලක්ව තිබෙනවා. මේ නිසා ඉතිරි තරග දෙකට ඔවුන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී ඇති බවයි වාර්තා වන්නේ. නුවන් තුෂාර තෙවැනි තරගය අතරතුර ආබාධයකට ලක් වූ අතර රමේෂ් මෙන්ඩිස් පුහුණු සැසියක් අතරතුරදී ආබාධයකට ලක්ව තිබේ.

කණ්ඩායමේ ප්‍රබලතම දඟපන්දු යවන්නා වන වනිඳු හසරංගද කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව සිටී.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here