වෘත්තීය ගැටලු විසඳීමට වෙනම ඒකකයක් ස්ථාපනය කරනවා – අධ්‍යාපන ඇමති.

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 17 කොළඹ (LNW): ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ, ගුරු සේවයේ, විදුහල්පති සේවයේ මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් සියලු‍ සේවාවන්හි වෘත්තීය ගැටලු විසඳීමේ දී ඒ ඒ ක්ෂේත්‍ර වෙනුවෙන් වගකීම් දරන පිරිසක් සිටිය යුතු බවත්, පළාත් නවය ඒකාබද්ධ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඒ සඳහා වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම හමුවට සියලු‍ ආණ්ඩුකාරවරුන්, පළාත් අධ්‍යාපන බලධාරීන්, සහ වෘත්තීය සමිති නියෝජිතයන් ‍එක්ව සිටි බව සඳහන් වේ.

රාජ්‍ය සේවා කොමිසන් සභාව පවා කලින් කලට ලබාදෙන තීන්දු වෙනස් වන බවත්, ඒ හේතුවෙන් වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද ‍වන බව එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

තවදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ, මෙරට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ගැන වසර ගණනාවක් තිස්සේ කතාබහට ලක්ව පවතින බවත්, ඊට අදාළව ප්‍රතිපත්ති රාමුවක් සකස් කර මේ වනවිට පාර්ලිමේන්තුවට යොමුකර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...

අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද (01) සිට අධිවේගී...