අමරසිරි පීරිස් “හන්තානට පායන හඳ” සමග යළි කරළියට

Date:

ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් වසරකට ආසන්න කාලයක නිහැඬියාවකින් පසු යළිත් වේදිකාවට ගෙන එන “හන්තානට පායන හඳ” ජනප්‍රිය ප්‍රසංගය 2024 මාර්තු 23 වන දා සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත කෙරේ. මහින්ද බණ්ඩාර සංගීතවත් කරන මෙම ප්‍රසංගයේ ගායනයෙන් සහාය වන්නේ උමාරා සිංහවංශ සහ අමරසිරි පීරිස්ගේම දියණිය වන ජනනි පිරිස් ය.

පසුගිය කාල පරිච්ඡේදයේ සැත්කමකට භාජනය කිරීමෙන් පසු කලක් අමරසිරි පීරිස් වේදිකාවෙන් බැහැරව සිටියේ ය. එම නිහැඬියාවෙන් පසු ඔහුගේම ප්‍රසංගයක් යළි ජනගත කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර *හන්තානට පායන හඳ ” ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේදී රංඟ ගත වන්නේද ප්‍රථම වරටය.

අතිශය ජනප්‍රිය ගීතාවලියක් සමග ඉදිරිපත් කෙරෙන මෙම ප්‍රසංගයේ පූරකවරුන් ලෙස සමන් අතාවුදහෙට්ටි සහ නිලාර් එන්. කාසිම් කටයුතු කරති. ඔවුන් දෙදෙනාම අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීත ගණනාවකට ගීත රචනයෙන් දායක වී තිබීමද විශේෂත්වයකි.


.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...