අයවැයේ වචන ගොඩාක් තිබ්බා, මේවා කරන්න සල්ලි හොයාගන්නේ කොහොමද කියලා නෑ – මරික්කාර්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අයවැයේ සඳහන් විශාල වියදම්වලට අවශ්‍ය මුදල් සොයාගන්නා ආකාරය එහි ප්‍රායෝගික වශයෙන් දක්වා නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“වචන ගොඩාක් තිබ්බා. මෙවැනි අයවැය කතාවල් අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම දැන් ආදායම් වැඩිකරන්න ආකාරය පිළිබඳව යෝජනා විතරයි තියෙන්නෙ, ඒකෙ ප්‍රායෝගිකව කරන්නෙ කොහොමද කියලා නෑ. මොකද විශාල වශයෙන් වැඩි කරපු දේවල්වලට යන වියදම කොහෙන්ද කියලා හොයාගන්න ඕනෙ. කෙසේනමුත් අපි කුහක විදියට බලන්නෙ නැතිව ඒවා කරන්න අවශ්‍ය සහයෝගය, ශක්තිය ලබාදිය යුතුයි රටක් හැටියට. මොකද අනිත් පැත්තෙන් ආණ්ඩුවට පහසුවක් තියෙනවා දැන් ණය ගෙවන්නෙ නෑ කියලා කිව්වට ඇත්තටම සමස්ත ණයබර ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 12.5ක ප්‍රාග්ධන වාරික විතරයි ගෙවන්න ඕනෙ නැත්තෙ. ඒ නිසා ඉතින් අපි පළමුවෙන් මේක අධ්‍යයනය කරලා බලන්න ඕනෙ කොහොමද මේ වැඩිකරපු මුදල් වියදම් කරන්න හොයාගන්න ආකාරය පිළිබඳව”

එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...