දින හතක් වයසැති තම දියණිය ඝාතනය කළ මවක් අත්අඩංගුවට !

Date:

දින හතක් වයසැති තම බිළිඳු දියණිය පොළවේ ගසා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 28 හැවිරිදි මවක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පයාගල – කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඝාතනයට ලක්ව ඇත්තේ ඇයට උපන් නිවුන් දැරියන් දෙදෙනාගෙන් බාල දැරිය බවයි පොලිසිය පවසන්නේ.

එම බිළිඳිය ඇඳෙන් වැටී අනතුරට ලක්වූ බව පවසමින් පසුගිය 15 වනදා ඇයව කළුතර මහ රෝහලට ඇතුළත් කර තිබුණු අතර පසුව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය ඝාතනයක් යැයි හෙළිදරව් වී ඇති බවත් සැකකාර මව අවස්ථා තුනකදී දැරියව පොළවේ ගසා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...