එංගලන්තෙන් ආපු සිංහයන්ට ශ්‍රී ලංකාවේ ඒ බැට දෙයි

Date:

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හොඳින් දස්කම් දැක් වූවා.විශේෂයෙන්ම නිල නොවන ටෙස්ට් තරගවලදී නිශාන් මධුශ්ක පිතිකරුවෙක් ලෙස දැක් වූ දක්ෂතා ඉතා දුර්ලභ සහ ඉහළ මට්ටමෙන් පැවතුණා. එංගලන්ත ලයන් පැමිණි විගස පැවත් වූ පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ජය ගත්තද,නිල නොවන ටෙස්ට් තරගවලදී තත්ත්වය වෙනස් වුණා.ශ්‍රී ලංක පිතිකරුවන් විශාල ලකුණු පූවරුව නිර්මාණය කරමින් අනාගත ලකුණු යන්තර සහ වගකීම තේරුම් ගත් පිතිකරුවන් ගැන අදහසක් ජනිත කළ එම තරගාවලිය හඳුන්වන්ට හොඳම නිර්වචනය ශ්‍රී ලංකාවට වැඩි වාසි ලබමින් අවසන් වූ තරගාවලියක් යන්නයි.

ඒත් ඔවුන් නිල නොවන ජාත්‍යන්තර එක්දින තරගාවලියට ඇවිත් පළමු තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු හයක ජයක් ලබා ගන්නවා.මේ තත්ත්වය එක්ක දෙවන තරගය ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙනවා.නමුත් පළමු තරගයේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වපු චාමිකත් එළියෙන් තියලා එන්න තරමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විශ්වාසයක් ඇති වෙනවා.චාමික අර්ධ ශතකයක් ලබා ගනිමින් සහ ලකුණු 52 ට කඩුලු දෙකක් ලබමින් කරපු හරියට දිනේෂ් හේමන්තගේ පන්දු යැවිමේ දක්ෂතාවයත් එකතු වෙනවා.ඒ ලකුණු 53 ට තඩුලු 3 ක් හැටියටයි.
කඩුලු හතරකින් පරාජය වී තරග 1- 0 ක් ලෙස ඉදිරයෙන් හිටිය එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ දෙවන තරගයෙදි ශ්‍රී ලංකා පිතිකරුවන් වැඩි වගකීමකින් සහ ආක්‍රමණික විලාශයෙන් තරගයට අවතීර්ණ වෙනවා.ආරම්භක පිතිකරු ලසිත් කෘශ්පුල්ලේ එංගලන්ත පිළට පීඩාකාරී ලකුණු 73 ක් ලබන්නෙ පන්දු 67 ක් පමණක් වැය කරමින්.නවනිඳු ප්‍රනාන්දු එහිදී ලකුණු 57 ක් ලබා ගනිමින් ලසිත් සමඟ දෙවන කඩුල්ල එකතු කරන ලකුණු 108 තමයි ශ්‍රී ලංකා ඉණිමෙ විශ්වාසය පදනම් කරපු අවස්ථාව වන්නෙ.එතැනින් පසුව ඇන්ජලෝ මැතිවිස් හරියටම 50 ක් ද අර්ධ ශතකයක් තරමට වටින ලකුණු 40 ක් නායක සදීර සමරවික්‍රම ද ශ්‍රී ලංකා ඉණිමට එකතු කිරීම නිසා පන්දු ඕවර් 50 නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 315 ක් වුණා.

මේ ඉලක්කයට යන්න එංගලන්ත ලයන්ස් කණ්ඩායමට නොහැකි වූ ප්‍රධානම හේතුව වුණේ පළමු තරගයේදී ද ඔවුන්ට හිසරදයක් වෙමින් කඩුලු 3 ක් දවා ගත් දුෂාන් හේමන්තයි.ඔහු අනර්ඝ පන්දු යැවීමක යෙදෙමින් එංගලන්ත ලයන්ස් ක්‍රීඩා සමාජයේ සියලු දෙනා ලකුණු 229 ට සීමා කරන්නට මුල් වුණා.ලකුණු 43 ක් ලබා දෙමින් ලයන්ස් කඩුලු 5 ක් දවා ගත් දුශාන් හේමන්ත එංගලන්ත නායක මැතිව් ෆිෂර් දවා ගන්නට ඔහුගේ පන්දු යැවීම ඉදිරියේම අනර්ඝ උඩ පන්දුවක්ද ලබා ගත්තා.ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 86 ක් ජයක් ලබා ගනිමින් තරගාවලියේ ජය තීරණය කරන තෙවන තරගය සඳහා 1-1 ක් සේ පිවිසෙන්නට අවස්ථාව ලැබුණා.
තෙවන තරගය 21 වන දා පැවත්වෙන අතර ශ්‍රී ලංකාව ජයගත් දෙවන තරගයේ ලකුණු පූවරුවට පහත සම්බන්ධතාවයෙන් පිවිසිය හැකියි.ඡායාරූපයේ දැක්වෙන්නේ ලසිත් කෘශ්පුල්ලේ යි.

https://www.espncricinfo.com/series/england-lions-in-sri-lanka-2022-23-1355654/sri-lanka-a-vs-england-lions-2nd-unofficial-odi-1355661/full-scorecard

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...