පළමුවත් ,දෙවනුවත් තෙවනුවත් මගේ ප්‍රමුඛතාව ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමයි – ජනපති (VIDEO)

පළමුවත්,දෙවනුවත්,තෙවනුවත් තමන් ප්‍රමුඛතාව ලබාදෙන්නේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ, අද (18) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

තමන් ගනු ලබන සියලු තීන්දුවල පදනම වන්නේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම බවයි ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බවත් කෙසේවෙතත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළ නොහැකි බව හෙතෙම සඳහන කරන ලදී.

කිසිලෙසකින්වත් නීතිය හා සාමය බිඳවැටීමට ඉඩදිය නොහැකි බව කියා සිටි ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමෙන් පසු ජන්දය භාවිතා කර රට තුළ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට අවශ්‍ය පසුබිම ලබන වසරේදී ජනතාවට ලැබෙනු ඇති බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...